තලවකැලේ, ලිදුල නගර සභාවේ සභාපති අශෝක සේපාල (ස්වාධින) ඊයේ (12) එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබාගෙන තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂ නායක හා අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ අතින් පාර්ලිමේන්තු සංකිර්ණයේදි ඔහු එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා ගනු ලැබුවා.
සභාපතිවරයා එජාපයේ ලිදුල කොට්ඨාශ සංවිධායකවරයා වශයෙන් ඉදිරියේදි කටයුතු කිරිමට නියමිතයි.
ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහනය වෙනුවෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් විශාල මෙහෙවරක් සිදුකල සභාපතිවරයාට ඉකුත් පළාත් පාලන මැතිවරණයේදි තලවකැලේ ලිදුල නගර සභාවට තරග කිරිම සදහා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් නාම යෝජනා නොලැබිම නිසා ඔහු ස්වාධිනව තරග කර එම නගර සභාවේ සභාපතිවරයා වශයෙන් තේරි පත්ව තිබෙනවා.
ඔහු එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා ගන්නා අවස්ථාවට එජාපයේ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍යය නවින් දිසානායක, නුවරඑලිය මහා නගර සභාවේ නගරාධිපති චන්දනලාල් කරුණාරත්න ඇතුළු තලවකැලේ ලිදුල නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රිවරුන්ද සහභාගි වි සිටියා.
රංජිත් රාජපක්ෂ