ඉන්දියානු ගුවන් සේවා අධිකාරිය විසින් අද (13) පස්වරුවේ සිට බොයිං 737 MAX 8 ගුවන් යානා ධාවනය නතර කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඉන්දියානු වේලාවෙන් පස්වරු 04 සිට මෙම යානා ධාවනය තාවකාලිකව අත්හිටුවනු ලබන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
ලෝකයේ රටවල් රැසක් මේ වන විට බොයිං වර්ගයේ ගුවන් යානා ධාවනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
පසුගිය ඉරිදා දින සිදුවූ ඉතියෝපියානු ගුවන් අනතුර සහ ඊට මාස කිහිපයකට පෙර ඉන්දුනීසියානු ගුවන් යානයක් ද අනතුරට ලක්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඊයේ (12) රාත්‍රියේ ඉන්දියානු සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් විසින් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඉන්දියානු SpiceJet සතුව මෙම බොයිං වර්ගයේ ගුවන් යානා 12ක් ඇති අතර Jet Airways සතුව යානා 05ක් පවතිනවා.
ඒ අනුව මෙම මෙම සියලු යානා අද සිට තාවකාලිකව ධාවනයෙන් ඉවත්වෙනු ඇති බවයි වාර්තා වන්නේ.