Home Local ප්‍රථම ජනාධිවරණයේ ප්‍රතිඵල රූපවාහිනි විකාශනය වුනු අයුරු

ප්‍රථම ජනාධිවරණයේ ප්‍රතිඵල රූපවාහිනි විකාශනය වුනු අයුරු

915

1982 රූපවාහිනිය ආරම්භයත් සමග එයට එම වසරේම පැවරුණු දැවැන්ත කාර්යභාරයක් වූයේ 1982 ඔක්තෝබර් 20 දින පැවති ප්‍රථම ජනාධිවරණයේ ප්‍රතිඵල රූපවාහිනිය මගින් සජීවීව ප්‍රචාරය කිරීමයි. පරිගණක තාක්ෂණය නොමැතිව එය සිදු කිරීම මහත් අභියෝගයක් විය. මූලික වශයෙන් ඉංජිනේරු අංශයත්, පසුතල හා මාධ්‍යරූප ඒකකයත් එක්ව එකාවන්ව මෙම අභියෝගය ජයගන්නට ඉටා ගත්හ.

Image may contain: 1 person, smiling, standing and indoor

අනෙක් සියළුම ඒකක සහ අංශ ඔවුනට සහාය විය. ප්‍රතිඵල විකාශය සඳහා කැමරාව ඉදිරියේ තැබීමට දැවැන්ත පුවරු ඉදිවන්නට විය. මාධ්‍යරූප ඒකකයේ ප්‍රධානි ගිවන්ත අර්ථසාද් සහ පසුතල ඒකකයේ ප්‍රධානි ජේ. ඒ. වින්සන්ට් මහත්වරු මූලිකත්වය ගත්හ. අපේක්ෂකයින් 6 දෙනාගේ නම් ආදිය එම පුවරු මත පින්තාරු කළේ ගුණදාස පතිරණ මහතාය. ලංකාවේ සිතියම මත ප්‍රතිඵල නිකුත්වී ඇති දිස්ත්‍රික්ක පෙන්වීම සඳහා එල්.ඊ.ඩී. බල්බ රටාව නිර්මාණය කළේ එච්. චර්චිල් මහතාය.

මෙහි දැක්වෙන්නේ එක් දැවැන්ත පුවරුවක් ඉදිරියේ ප්‍රතිඵල කියවීම සඳහා සැරසෙන ප්‍රවීන රූපවාහිනී නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය මහත්මියයි.

via Ayoma Jayasinghe

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here