Home Health වකුගඩු රෝගීන් වැඩිම ප්‍රමාණය කොළඹ සහ ගම්පහෙන්

වකුගඩු රෝගීන් වැඩිම ප්‍රමාණය කොළඹ සහ ගම්පහෙන්

1078

වකුගඩු රෝගයට ගොදුරු වූ බවට හඳුනාගත් නව රෝගීන් වැඩිම ප්‍රමාණය කොළඹ සහ ගම්පහෙන් හමු වූ බව වෘක්කවේද කාන්දු පෙරණ හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි ඒ. හේවගේ අවධාරණය කර සිටිනවා.

වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ වකුගඩු රෝගයට ගොදුරු වූ බවට හඳුනාගත් නව රෝගීන් 3276ක් ඉකුත් වසරේ වෘක්කවේද කාන්දු පෙරණ හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයට වාර්තා වී තිබූ බවයි.

මෙයින් වැඩිම වාර්තාගත ප්‍රමාණය කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලින් හමුවී තිබූ නමුත් 2017 වසරට සාපේක්ෂව මෙහි වැඩිවීමක් දක්නට තිබෙනවා.

දැනට වාර්තා වූ රෝගීන් ගණන 3,000 ඉක්මවූවත්, වකුගඩු බද්ධ කිරීම සිදුකරනු ලැබුවේ රෝගීන් 69 දෙනෙකුට පමණක් බවද සඳහන්.

මෙතෙක් බද්ධ කර ඇති වකුගඩු වලින් 54කම මොළය මියගිය පුද්ගලයින්ගෙන් ලබගත් වකුගඩු බවයි වාර්තා වන්නේ.

එම නිසා වයස අවුරුදු 30ට වැඩි අය වකුගඩු පරික්ෂාව සිදුකරගත යුතුව ඇති අතර රට පුරා රෝහල්වලට වාර්තා වන රෝගීන්ගේ ප්‍රමාණය සළකා බැලීමේදී රෝගීන්ගේ ප්‍රමාණය සළකා බැලීමේදී රෝගීන්ගේ වාර්තාව මීට වඩා වැඩි වියහැකි අවධානමක් ද මතුව තිබෙනවා.

තවද අධිකරුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි හඳුනාගත් හේතූන් නිසා වකුගඩු රෝගයට ගොදුරු වූ රෝගීන්ගේ වැඩිවීමක් ද හඳුනා නොගත් හේතූන් නිසා වකුගඩු රෝගයට ගොදුරු වූවන්ගේ අඩුවක් ද දක්නට ලැබෙන බවද වාර්තා වනවා.

වකුගඩුවක් ලැබෙන තුරු රිධිරය කාන්දුකරණ ප්‍රතිකාරය, රෝහලේම සිදුකරන අතර වෛද්‍යවරයා රෝගියාටම කරගත හැකි දැනුම සමඟ ‘පරිතාන කාන්දු ක්රාමය’ හඳුන්වා දී ඇති නමුත් නොදැනුවත්භාවය නිසා නීරෝගී සහ සුදුසු තත්වයේ පවතින වකුගඩු විශාල ප්‍රමාණයක් ද අහිමි වී යාමේ අවදානමක් මෙන්ම ජීවිත බේරා ගැනීමට ඇති ඉඩ අහිමි වීමක් ද මේ වන විට වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here