හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු 49 දෙනෙකුට එරෙහිව රනිල් වික්‍රමසිංහ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 122 දෙදෙනෙකු ගොනු කර තිබූ කෝ වරෙන්ටෝ රීට් ආඥා පෙත්සම පෙත්සම්කාර පාර්ශවය විසින් අද (12) අභියාචනාධිකරණය හමුවේදී ඉල්ලා අස්කර ගනු ලැබුවා.
පෙත්සම ගොනුකර තිබුණේ, පසුගිය ඔක්තොම්බර් මාසයේදී ජනාධිපතිවරයා විසින් අගමැති ධුරයට පත් කළ මහින්ද රාජපක්ෂට හා 48 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයට එම ධුර දැරීමට නිත්‍යානුකුල අයිතියක් නොමැති බවට නිගමනය කර එම ධුරවලින් ඔවුන් ඉවත් කරන ලෙස ඉල්ලමිනුයි.
පාර්ලිමේන්තුව නියෝජනය කළ රනිල් වික්‍රමසිංහ ඇතුළු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු 122 දෙනෙකු එම පෙත්සම ගොනු කර තිබුණා.
එම පෙත්සම අද දින අභියාචනාධිකරණ විනිසුරු අර්ජුණ ඔබේසේකර හමුවේ කැදවු අවස්ථාවේදී පෙත්සම්කාර අගමැති රනිල් වික්‍රමසිංහ ප්රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු දක්වමින් පෙත්සමෙන් ඉල්ලා ඇති සහන මේ වන විට ලැබි ඇති බැවින් පෙත්සම තවදුරටත් පවත්වා ගෙන නොයන බවට අධිකරණයට කරුණු දැක්වූවා.
ඒ අනුව පෙත්සම්කාර පාර්ශවයට එම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අධිකරණය අවසර ලබා දුන්නා.