Home Hit ”රජයට වැඩ කළ නොහැකි නිසා වැඩ කළ රජයට බැන බැන ඉන්නවා” –...

”රජයට වැඩ කළ නොහැකි නිසා වැඩ කළ රජයට බැන බැන ඉන්නවා” – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ

717

පවතින රජයට වැඩ කළ නොහැකි නිසා වැඩ කළ රජයට බැන බැන සිටින්නට ඔවුන්ට සිදුවී ඇතැයි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු මෙසේ පැවසූයේ ඊයේ (11) තංගල්ල සදර්න් ලංකා පෞද්ගලික රෝහල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක, පළාත් සභා මන්ත්‍රීවරුන් වන ඩී.වී.උපුල්, එම්.කේ කසුන්, තංගල්ල නගරසභාවේ සභාපති රවිඳු වෙදආරච්චි, බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ ඇතුළු මන්ත්‍රීවරු, තංගල්ල නගරසභාවේ සහ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු රැසක් සහභාගී වී සිටියා.

මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙවැන්නක්,

”අගමැතිතුමාට වෙන කරන්න දෙයක් නැහැ දැන්. මේ රජයට වැඩ කරන්න බැරි නිසා වැඩ කරපු රජයට බැන බැන ඉන්නවා. මොනවද එයාලා කළේ මෙච්චර දවස්. අර ලැයිස්තුවක් කියෙව්වා නේද. අර පනත ගෙනාවා මේ පනත ගෙනාවා. පිටරටට අපේ රණවිරුවන් පාවා දෙන පනත ගෙනාවා වගේ ඒව තමයි කිව්වේ. ජනතාවට ලැබෙන්න දෙයක් තිබෙනවානම් ඒව නැති කරන්නයි එයාලා බලන්නේ.

දැන් රටේ තිබෙන සියලුම ප්‍රශ්න දින 51කට සීමා වෙලා තිබෙනවා. 51කුත් තිබුනේ නෑනේ. සුමානයයි මම පාලනය කළේ. ඊට පස්සේ විසිරෙව්වා. සති 02ක් තහනම් නියෝගයක් ගෙනාවා. එතකොට මේ සුමානෙද ඔක්කොම ප්‍රශ්න වුණේ. නටන්න බැරි මිනිහට පොළොව ඇදයි කියනවා වගේනේ. මේ අය ඔක්කොටම සේවය කරන්න බැහැ. දැන් කරන්නේ හැම එකම අපේ පිටින් දානවා.” යනුවෙන් කියා සිටියා.

අනීෂා මානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here