Home Local යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා යාපනය සරසවි සිසුන් වීදි සරයි –...

යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා යාපනය සරසවි සිසුන් වීදි සරයි – PHOTOS

370

යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ඉල්ලීම් කරමින් හා යුධ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ශ්‍රී ලංකාවට ලබාදුන් කාලය ප්‍රමාණවත් බව සදහන් කරමින් යාපනය විශ්වවිද්‍යාල සිසුන් පැවැත්වීමට නියමිත විරෝධතාවය සම්බන්ධයෙන් යාපනය ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (12) යාපනය විශ්ව විද්‍යාල සිසුන් විසින් ආරම්හ කර තිබෙනවා.

යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට හා දෙමුහුන් අධිකරණ ක්‍රියාවලියක් හරහා යුධ අපරාධකරුවන්ට දඩුවම් ලබාදිය යුතු බවට ඉල්ලීම් කරමින් යාපනය විශ්ව විද්‍යාල සිසුන් 16 වැනිදා විරෝධතා වැඩසටහනක් පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කොට තිබෙනවා.

යාපනය විශ්ව විද්‍යාල සිසුන් පැවසූවේ යුධ සමයේ සිදුවු යුධ අපරාධ සම්බන්ධයෙන් මෙරට ක්‍රියාවලියක් හරහා පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් උතුරු නැගෙනහිර ජනතාව විශ්වාස නොකරන බැවින් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

යුධ සමයේ සිදුවු යුධ අපරාධ සම්බන්ධයෙන් වන පරීක්ෂණ පැවැත්වීමට ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලය මෙරට වෙත මේ දක්වා ලබාදුන් කාලය තුළ මෙරට තුළින් සාධාරණ පරීක්ෂණයක් හෝ ක්‍රියාදාමයක් ඉටුවි නොමැති බැවින් ඊට විරුද්ධව තමන් විරෝධතාවය පවත්වන බවද විශ්ව විද්‍යාල සිසුන් පැවසුවා.

ඒ අනුව විශ්වවිද්‍යාල සිසුන් යුධ අපරාධ සම්බන්ධයෙන් දැක්වෙන අනුරුවක් සකස් කොට වාහනයක සවිකොට දැනුවත් කිරීමේ වැඩසටහන පවත්වනු ලබනවා.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here