Home Local යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේ අනතුරකින් සිව්දෙනෙකුට තුවාල – PHOTOS

යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේ අනතුරකින් සිව්දෙනෙකුට තුවාල – PHOTOS

190
0

යාපනය – නුවර ප්‍ර‍ධාන මාර්ගයේ මැදවච්චිය, මහකුඹුගොල්ලෑව ප්‍රදේශයේ ඊයේ (11) සවස සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 04 දෙනෙකු තුවාල ලබා ඇති බව මැදවච්චිය පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ වෑන් රථයක් ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර අනතුරින් වෑන් රථයේ ගමන්ගත් පිරිසක් තුවාල ලබා ඇති බවයි.

වවුනියාව සිට කටුනායක ගුවන්තොටුපොළ බලා ධාවනය වු වෑන් රථයක් ,වවුනියාව සිට අනුරාධපුරය දෙසට ඉදිරියෙන් ගමන්ගත් ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.

පොලිසිය පැවසූවේ අනතුරින් වවුනියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ත් 35 ත් අතර වයසේ පසුවන තරුණයින් පිරිසක් තුවාල ලබා ඇති බවයි.

අධික වේගය අනතුරට හේතුව වී ඇති බව පොලිසිය සඳහන් කරන අතර, තුවාලකරුවන් වවුනියාව රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here