Home Hit අයවැය දෙවන වර කියවීමේ ජන්ද විමසීම අද

අයවැය දෙවන වර කියවීමේ ජන්ද විමසීම අද

279
0

අයවැය දෙවනවර කියැවීම පිළිබඳ ඡන්ද විමසීම අද (12) පස්වරුවේ දී පාර්ලිමේන්තුවේදී සිදුකිරිමට නියමිතයි.

මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් පසුගිය 05 වනදා අයවැය යෝජනා පාර්ලිමේන්තු‍වට ඉදිරිපත් කිරිමෙන් පසුව අයවැය පිළිබඳ දෙවන වර කියැවිමේ විවාදය පසුගිය 06 වනදා ආරම්භ වුණා.

ඒ අනුව මේ වසර සඳහා වන අයවැය පිළිබඳ දෙවනවර කියැවීමේ විවාදය පුරා දින 06ක් පැවැති අතර අද පස්වරු 5.00ට ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

අයවැය පිළිබඳ තෙවන වර කියැවීම ‍හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය හෙට (13) සිට පැවැත්වීමට නියමිත අතර එම විවාදය අප්‍රේල් 05 වනදා දක්වා පුරා දින 19ක් පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here