Home Local දඹුල්ලේ වෙල්යායක වී වගාවේ හඳුනා නොගත් දිලීර රෝගයක් – PHOTOS

දඹුල්ලේ වෙල්යායක වී වගාවේ හඳුනා නොගත් දිලීර රෝගයක් – PHOTOS

481

දඹුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ලෙනදොර – වෙලංගොල්ලයාය වෙල්යායේ වී වගාවන්ට හදුනා නොගත් දිලීර රෝගයක් හේතුවෙන් වගා විනාශ වීමේ අවධානමකට ලක්ව ඇතැයි ගොවීන් පවසනවා.

සම්බා වී විශේෂයට පමණක් වැලදී ඇති මෙම රෝගය හේතුවෙන් සිය වී අස්වැන්න ලබා ගැනිම දුෂ්කර කාර්යක් වී ඇතයි වෙල්යායේ ගොවීන් පවසනවා.

අක්කර 30ක පමණ වපසරියකින් පිහිටි වෙලංගොල්ල වෙල්යායේ සම්බා වී වලට අමතරව නාඩු වී ද වගාකර තිබෙනවා.

දැනට සම්බා වී වගාවට ව්‍යාප්ත වී ඇති මෙම දිලීර රෝගය හේතුවෙන් වී කරල් කළු පැහැ ගැන්වී ඇති අතර, කහ පැහැති කුඩා ගැටිති රැසක් වී වගාවේ දක්නට ලැබෙන බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් දඹුල්ල ගොවි ජනසේවා මධ්‍යස්ථාන නිලධාරින් දැනුවත් කල ද රෝගය සඳහා ප්‍රතිකාරයක් නොමැති බව සදහන් කළේයැයි අප හා අදහස් දැක්වු 38 කනුව ලෙනදොර ලිපිනයේ පදිංචි එච්.එම්. සෙවීරත්න බණ්ඩා (56) කියා සිටියා.

මෙතුවක් කල් කිසිදු දිනෙක දැක නැති මෙම රෝගී තත්ත්වය හේතුවෙන් සිය කුඹුරේ අස්වැන් පිළිබද අවිනිෂ්චිත තත්ත්වයක් පවතින බවයි ඔහු කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවිය යුතු බව වෙලංගොල්ල වෙල්යායේ ගොවියෙකු වන කේ.එම්. අබේරත්න (48) කියා සිටියි.

සිය කුඹුරේ තැනින් තැන දක්නට ලැබෙන මෙම දිලීර රෝගය සෙසු ප්‍රදේශ වලට පැතිර යමින් පවතින බව හෙතෙම කියා සිටියා.

ලෙනදොර වෙලංගොල්ල වෙල් යායේ පැතිර යන ගොවීන් සදහන් කරන දිලීර රෝගය සම්බන්ධයෙන් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමක දී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ මෙම රෝගය සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලන බවයි.

SAMSUNG CAMERA PICTURES
SAMSUNG CAMERA PICTURES
SAMSUNG CAMERA PICTURES

ඉන්දික අරුණ කුමාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here