Home Local හිටපු නාවික හමුදාපතිවරයාගෙන් CIDය පැය 08ක් ප්‍රශ්න කරයි

හිටපු නාවික හමුදාපතිවරයාගෙන් CIDය පැය 08ක් ප්‍රශ්න කරයි

567

දෙමළ තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (11) පැය 08ක් තිස්සේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබාගනු ලැබුවා.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයකට අනුව ඊයේ පෙරවරු 9.00ට පමණ හිටපු නාවිකහමුදාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ පෙරවරු 9.00 සිට පස්වරු 5.00 පමණ වනතුරු පැය 08ක් තිස්සේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබාගෙන තිබෙනවා.

දෙමළ තරුණයන් 11 දෙනකු පැහැරගෙන යෑම, අතුරුදන් කිරීම, තොරතුරු වසන් කිරීම, කුමන්ත‍්‍රණය, මිනිමැරීම ඇතුළු චෝදනා කීපයක් ඔහුට එල්ල වී තිබෙන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටියේය.

ඒ අවස්ථාවේ කරන්නාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කරමින් තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

හිටපු නාවික හමුදාපතිවරයා ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කළ අතර ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප‍්‍රකාශ ලබා දෙන ලෙස උසාවියඔහුට නියෝග කර තිබෙනවා.

හිටපු නාවික හමුදාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඊයේ පෙනී සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් එම නියෝගය අනුවයි.

හේමන්ත රන්දුණු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here