Home Local කුවේටයේ සිට පිටුවහල් කළ ලාංකිකයන් පිරිසක් දිවයිනට

කුවේටයේ සිට පිටුවහල් කළ ලාංකිකයන් පිරිසක් දිවයිනට

283
0

කුවේටයේ රැකියා සදහා ගොස් සිටියදී විවිධ හිරිහැර වලට භාජනය වී සිටි ශ්‍රී ලාංකිකයන් 26 දෙනෙකු එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැදවුම් මධ්‍යස්ථානයේ සිට අද (11) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල පදිංචිකරුවන් වන මොවුන් ගෙන් 24ක් කාන්තාවන් වූ අතර ඉතිරි දෙදෙනා පිරිමි බවයි සඳහන් වන්නේ.

මොවුන් අද දින උදෑසන 6.20ට කුවේටයේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබෙනවා.

මෙම පිරිස සමග මෙසේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටි තවත් එක් සේවිකාවක් එම රැදවුම් මධ්‍යස්ථානයේ දී වෛද්‍ය ප්‍රතිකාර ප්‍රමාදවීම නිසා එහිදීම මියගිය බව පැමිණි සිටි ගෘහ සේවිකාවක පැවසුවා.

සියලුදෙනාම තම පෞද්ගලික වියදමින් සිය ගුවන් ටිකට් පත් සදහා මුදල් සොයාගෙන තිබෙනවා.

මේ ආකාරයට මැදපෙරදිග මෙන්ම තවත් රටවල් ගණනාවකම මේ ආකාරයට අසරණ වූ ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් තම මව්බිමට පැමිණීමට නොහැකිව සිටින බවද අනාවරණය වී තිබෙනවා.

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here