Home World කිම් ජොන්ගේ සොයුරු ඝාතනයට අත්අඩංගුවට ගත් කතට නිදහස

කිම් ජොන්ගේ සොයුරු ඝාතනයට අත්අඩංගුවට ගත් කතට නිදහස

713

උතුරු කොරියා නායක කිම් ජොන් අන් ගේ සහෝදරයකු වන කිම් ජොන් නම් (Kim Jong-nam) ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ඉන්දුනීසියානු ජාතික කාන්තාව (Siti Aisyah) නිදහස් කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරනවා.

2017 වසරේ මැලේසියාවේ ක්වාලාලාම්පූර් ගුවන් තොටුපලේදී විෂ ශරීරගතවීමක් හේතුවෙන් කිම් ජොන් නම් මිය ගිය අතර CCTV දර්ශන පරික්ෂා කිරීමෙන් අනතුරුව මෙම ඉන්දුනීසියානු ජාතික කාන්තාව සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා.

නඩු විභාගයේදී ඇය ප්‍රකාශ කර ඇත්තේ රූපවාහිනි විකට වැඩසටහනක කොටසක් ලෙස සිතා තමන් එම ස්ථානයට ළඟා වූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here