2017 වසරේ විශ්වවිද්‍යාල ලෝක රූ රැජිණිය වුන (Lotte van der Zee) හෘදයාබාධයක් හේතුවෙන් පසුගිය බදාදා (06) ජීවිතයෙන් සමුගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇය මෙලෙස මියගොස් ඇත්තේ සිය 20 වන ජන්ම දිනය පසුවී සති 02ක් ගතවීමටත් පළමුවයි.
සිය 20 වන ජන්ම දිනය සැමරීමට ඇය පවුලේ හිතවතුන් සමඟ ඕස්ට්‍රේලියාවේ වෙස්ටන්ඩොෆ් හි විනෝද චාරිකාවක නිරත වී ඇති අතර ඇයගේ උපන්දිනයට එක දවසක් තිබියදී ඇය හදිසියේම අසනීප වී තිබෙනවා.
රෝහල් ගත කිරීමෙන් අනතුරුව සති 02ක කාලයක් කෝමා තත්ත්වයේ සිටි ඇය පසුගිය බදාදා මෙලොවින් සමුගෙන තිබෙනවා.
නැගෙනහිර නෙදර්ලන්තයේ සිට පැමිණි ලතින් සම්භවයක් සහිත මේ තරුණිය ”2017 වසරේ ලෝක විශ්වවිද්‍යාල රූ රැජිණිය” ලෙස කිරුළු පැළඳ ඇති අතර තමන්ගේ දියණියගේ හදිසි මරණයෙන් අනතුරුව ඇයගේ අවසන් ගමනේ ඡායාරූපයක් සමඟ ශෝක පණිවිඩයක් දියණියගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම තුල පලකරන්නත් දෙමව්පියන් කටයුතු කර තිබෙනවා.





