Home World මාස 05ක් තුළ බෝයිං යානා 02ක් අනතුරට – යානා ගැන සැක මතුවෙයි

මාස 05ක් තුළ බෝයිං යානා 02ක් අනතුරට – යානා ගැන සැක මතුවෙයි

419

මාස 05ක් වැනි කෙටි කාලයක් තුළ බෝයිං වර්ගයේ ගුවන් යානා 02ක් අනතුරට ලක්වීමත් සමග බෝයිං ගුවන් යානා සමාගම මේ වනවිට ගැටළුකාරී තත්වයකට පත්ව තිබෙනවා.

අමෙරිකානු ගුවන් යානා නිෂ්පාදන සමාගමක් වන මෙම සමාගම ඒ පිළිබඳ දැඩි කලබලයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉතියෝපියාවේදී ඊයේ (10) අනතුරට ලක්වූයේ ද බෝයිං වර්ගයේ ගුවන් යානයකි.

එහි ගමන්ගත් මගීන් 157 දෙනාම අනතුරෙන් ජීවතක්ෂයට පත්වුණා.

ඉතියෝපියානු බලධාරීන් පවසන්නේ මීට මාස 06කට පමණ පෙර මිල දී ගත් ගුවන් යානයක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි.

මාස 05ක් වැනි කෙටි කාලයක් තුළ බෝයිං වර්ගයේ ගුවන් යානයක් අනතුරට ලක්වූ දෙවන අවස්ථාව මෙයයි.

ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේ දී ද ඉන්දුනීසියාවේ දී බෝයිං වර්ගයේ ගුවන් යානයක් අනතුරට ලක්වුණා.

එහිදී ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 189 දෙනෙක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here