Home Local ගිනිඅවියක් සමඟ අමරිකානු පුරවැසියෙකු දැලේ

ගිනිඅවියක් සමඟ අමරිකානු පුරවැසියෙකු දැලේ

282

ගිනි අවියක් තම ගමන් මල්ලේ සගවා ගෙන අමෙරිකා එක්සත් ජනපදය වෙත ගෙන යෑමට තැත් කළ එරට ගුවන් මගියෙකු පසුගිය (09) වනදා රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් පිරිසක් ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ උසස් නිලධාරීවරයෙකු සඳහන් කර සිටියා.

මොහු 56 හැවිරිදි අමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසියෙකි.

ඔහු කොළඹ, වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි සිය මවගේ සුව දුක් බැලීම සදහා ශ්‍රී ලංකාවට පැමිණ ආපසු යන ගමනේ දී තම පියාට අයත් බෝර 12 වර්ගයේ තුවක්කුව ද රැගෙන ගොස් තිබෙනවා.

09 වනදා රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ එක්ස් කිරණ යන්ත්‍රයේ රාජකාරීයේ නියැලී සිටි ගුවන් තොටුපළ ආරක්ෂක අංශයේ නිලධාරීන් 05 දෙනෙකු සහ නිලධාරිනියන් 03ක් එම යන්ත්‍රය යොදා ගනිමින් ගුවන් මගීන්ගේ ගමන් මලු පරීක්ෂා කරමින් සිටියදී මෙම ගුවන් මගියාගේ ගමන් මල්ලේ සගවා ගෙන තිබූ තුවක්කුව අනාවරණය කරගෙන තිබෙනවා.

පසුව මෙම ගුවන් මගියා සහ ඔහු නීතිවිරෝධී ලෙස රැගෙන යෑමට තැත් කළ තුවක්කුව ද වැඩිදුර පරීක්ෂණ සදහා කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත භාර දී තිබෙනවා.

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here