විදේශීය ගුවන් යානා කාර්යය මණ්ඩලයක සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු විසින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් දෙකෝටියකට අධික වටිනාකමකින් යුතු රත්තරන් වළලු තොගයක් කටුනායක ගුවන් තොටුපළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු රත්නපුර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකි.
ඔහු අද (11) දින උදෑසන 10.00ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ QR – 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.
ඔහු විසින් රැගෙන පැමිණි ගමන් මල්ලේ ඇතුළත ඉතා සූක්ෂම ලෙස මෙම කිලෝ ග්රැම් 04යි ග්රැම් 43ක් බර රුපියල් දෙකෝටි පහලොස් ලක්ෂයක් (2,15,00,000) වටිනා රත්තරන් වළලු 423ක් සගවා ගෙන සිටි බවයි වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.
ටී.කේ.ජී.කපිල