Home Local වසර 05කට පසු ”බී” සාමාර්ථය ”ඒ” සාමාර්ථයක් වෙයි

වසර 05කට පසු ”බී” සාමාර්ථය ”ඒ” සාමාර්ථයක් වෙයි

340

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් අනුව ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් මගින් ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රය ඇගයීමට ලක්කළ කොළඹ විශාඛා විද්‍යාලයේ සිසුවියකට පෙර ලබා දී තිබූ ‘බී‘ සාමාර්ථය වෙනුවට ‘ඒ ‘ සාමාර්ථයක් ලැබී ඇතැයි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මුල්ලේරියාවේ පදිංචි මුදලිගේ දෝන කවිතා සඳමිණි වීරසිංහ නැමැති සිසුවියකට වසර 05කට පසු මෙම නව ඒ සාමාර්ථය හිමි වී තිබෙනවා.

2013 වසරේදී අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඇයට එම වසරේ ප්‍රතිඵලය ලෙස ඒ සාමාර්ථ 8ක් සහ බී සාමාර්ථයක් ලබා තිබුණා.

නමුත් එම බී සාමාර්ථය ‘ඒ‘ සාමාර්ථයක් ලෙස වෙනස් විය යුතු බවට සඳහන් කරමින් ඇය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කොට තිබෙනවා.

වසර 05ක් පුරා පැවැති නඩුවේ තීන්දුව 2019 ජනවාරී 16 වනදා ප්‍රකාශයට පත් කළ අතර ඇයගේ ඉංග්‍රිසි ප්‍රශ්න පත්‍රය යළි ස්වාධින කමිටුවක් හරහා ඇගයීමකට ලක්කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

ඒ අනුව විභාග කොමසාරිස් ජනරාල්වරයා පත් කළ ත්‍රිපුද්ගල කමිටුවක් මගින් 3012513 දරණ විභාග අංකය යටතේ 2013 වසරේදී විභාගයට පෙනී සිටි ඇයගේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය යළි පිරික්සු අතර එමගින් මීට පෙර ඇයට ලබා දී තිබු බී සාමාර්ථය ඒ සාමාර්ථයක් ලෙස සංශෝධනය වු බවයි විභාග කොමසාරිස්වරයා දන්වා ඇත්තේ.

ඒ අනුව ඒ සාමාර්ථ 09ක් සහිත ඇගේ සංශෝධිත විභාග ප්‍රතිඵල ලේඛනය විභාග දෙපාර්තමේන්තුව මගින් ඇයට යවා තිබෙනවා.

තරිදු ජයවර්ධන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here