Home Local ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කිරීමට ශිවාජිලිංගම්ගෙන් උතුරේ ආණ්ඩුකාරවරයාට ලිපියක්

ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කිරීමට ශිවාජිලිංගම්ගෙන් උතුරේ ආණ්ඩුකාරවරයාට ලිපියක්

313
0

ජිනීවා මානව හිමිකම් කවුන්සලය වෙත ඉදිරිපත් කිරීමට වන යෝජනාවක් උතුරු පළාත් හිටපු මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් හා උතුරු පළාත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ආනන්දි සෂිදරන් විසින් ඊයේ (10) උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය වෙත භාර‍දී තිබෙනවා.

උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ ඉල්ලීම් මත අදාළ යෝජනාව භාරදුන් බවයි උතුරු පළාත් හිටපු මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් පැවසුවේ.

ජිනීවා මානව හිමිකමි කවුන්සලය වෙත ශ්‍රී ලංකාව පිලිබදව කරුණු ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් උතුරු පලාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් ඇතුළු නියෝජිතයින් තුන් දෙනෙකු පත්කර තිබෙනවා.

එහිදී ජිනීවා මානව හිමිකම් සභාව වෙත ඉදිරිපත් කිරීමට ඇති යෝජනා තමා වෙත ලබාදෙන ලෙස උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන්ට, ආගමික නායකයින්ට හා රාජ්‍ය නොවන සංවිධාන වලින් උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් ඉල්ලීමක් කොට තිබෙනවා.

පළාතේ ජනතාවට ද එයට සම්බන්ධ වීමට ඉඩ සලස්වමින් ආණ්ඩුකාරවරයා පැවසුවේ 13 වන බදාදා පැවැත්වෙන මහජන දිනයේදී ද ජනතාවගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කල හැකි බවයි.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here