සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ ගීත ප්‍රචාරය නොකිරීමට නවසීලන්තයේ සහ කැනඩාවේ ගුවන් විදුලි නාලිකා රැසක් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අපචාර සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් ඔහුට එල්ල වූ නවතම චෝදනා මාලාවත් සමඟයි.
කෙසේ වෙතත් ගුවන් විදුලි නාලිකාවල මෙම තීරණය සම්බන්ධයෙන් ශ්‍රාවකයන් මිශ්‍ර ප්‍රතිචාර පළ කර තිබෙනවා.
ඇතැමුන් ඊට සහය පළකර ඇති අතර තවත් පිරිසක් පෙන්වා දී ඇත්තේ දැනට ජීවතුන් අතර නොමැති චරිතයකට එල්ල කර ඇති චෝදනා පදනම් විරහිත බවයි.