Home Local කාන්තා දිනයේදී පාසල් සිසුවියක් ගෙල වැළලා ගනියි – ඝාතනයක් ද යන්න සැකයක්...

කාන්තා දිනයේදී පාසල් සිසුවියක් ගෙල වැළලා ගනියි – ඝාතනයක් ද යන්න සැකයක් – PHOTOS

398
0

ජාත්‍යන්තර කාන්තා දිනය යෙදි ඇති අද (08) දින පාසල් සිසුවියක් තම පදිංචි නිවසේ ගෙල වලලාගෙන මිය ගොස් ඇති බව බගවන්තලාව පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ බගවන්තලාව පොලිස් වසමට අයත් ටින්සින් වතුයායේ ටින්සින් දමිල මහා විද්‍යාලයේ උසස්පෙල හදාරමින් සිටි මුත්තුමණි ප්‍රියවංශනි නැමති 18 හැවිරිදි පාසල් සිසුවියයි.

අද අලුයම 03ට පමණ අවදි වි ඇති මෙම පාසල් සිසුවිය පාඩම් කරන බව පවසා නිවසින් පිටතට පැමිණි තම නිවසේ වහලේ බාල්කයේ මවගේ සාරියකින් ගෙල වැලලාගෙන ඇති බවයි බගවන්තාව පොලිසිය පැවසුවේ.

මියගිය සිසුවිය බාල්කයේ එල්ලි සිටින බව ඇයගේ සොහොයුරියක් විසින් අලුයම 5.30ට පමණ දැක එ බව බගවන්තලාව පොලිසියට දැනුම් දි තිබෙනවා.

සියදිවී හානි කරගත්තේ යැයි කියන පාසල් සිසුවිගේ පාද 02 ගැටගසා තිබිම සම්බන්ධයෙන් මෙය සිය දිව් හානි කරගැනිමක්ද නැතහොත් ඝාතනයක්ද යන්න පිලිබදව බගවන්තලාව පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

මියගිය පාසල් සිසුවියගේ දේහය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණයෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කරන බව බගවන්තලාව පොලිසිය සඳහන් කර සිටිනවා.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here