අද ලෝක කාන්තා දිනයයි.
සිය දෙහැවිරිදි දියණිය සමඟ කොළඹ ජාතික දන්ත සෞඛ්‍ය සායනයක් වෙත පැමිණි දමිළ ජාතික මවක් විසින් YouJudge මාධ්‍යවේදියා වෙත ලබාදුන් වීඩියෝවක් මේ වනවිට සමාජජාල තුල වේගයෙන් සංසරණය වෙමින් තිබෙනවා.
ඇය මීගමුව ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ගෘහ සේවයේ යෙදෙමින් සිය දියණිය රැකබලා ගන්නවා.
සිය දත් වල අක්රමවත්භාවය නිසා සැමියා දරුවා සහ ඇය අතහැර වෙනත් බිරිඳක් කරා ගිය බවයි ඇය පවසන්නීය.
දියණිය සිය ජීවිතය බවත් ඇය රැකබලා ගනිමින් යහපත් ජීවිතයක් ගත කිරීම සිය අරමුණ බවත් ඒ ඇය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
කාන්තා දිනයදා ඇගේ කතාව අප ඔබ වෙත ගෙන එන්නේ කාන්තාවන් කෙතරම් සුන්දරද, ධෛර්යවන්තද යන්න කියා සිටීමටයි.