Home Local බෝම්බ සමඟ ගැටෙන ලංකාවේ කාන්තාවෝ – VIDEO

බෝම්බ සමඟ ගැටෙන ලංකාවේ කාන්තාවෝ – VIDEO

417
0

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය නිම වී දැනට දශකයක කාලයක් ඉක්මවනවා.

වසර 25කට වැඩි කාලයක් පුරා පැවති මෙම බිහිසුණු යුද්ධයේදී ආසන්න වශයෙන් ජීවිත ලක්ෂයකට වඩා වැඩි ගණනක් අහිමි වී ඇති බවයි තක්සේරු කර ඇත්තේ.

යුද්ධය නිමා වී දශයකට ආසන්න කාලයක් ගත වූවද උතුරේ බොහෝ ස්ථාන වල පිපිරී නොමැතිව ඉතිරි වූ බිම් බෝම්බ රැසක් විසිරී තිබෙනවා.

මෙලෙස විසිරී ඇති බිම්බෝම්බ හේතුවෙන් ප්‍රදේශ අතහැර ගිය පිරිසට නැවත පදිංචි කිරීමක් සිදුකළ ද එය භයානක තත්වයක්.

ලෝක ප්‍රකට Getty Images වෙබ් අඩවිය හා සම්බන්ධව කටයුතු කරන ජායාරූප ශිල්පියෙකු වන ඇලිසන් ජෝයිස් (Allison Joyce) මෑතකදී උතුරු ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීම සම්බන්ධව කටයුතු කරනු ලබන අරමුදලට (HALO) අනුබද්ධව බිම්බෝම්බ ඉවත් කරන දමිළ කාන්තාවන් හා එක්ව කාලය ගත කර තිබෙනවා.

ජෝයිස් හා කටයුතු කළ කාන්තාවන් අතුරින් බොහෝ දෙනෙක් වැන්දඹුවන් හා යුද්ධයෙන් බේරී සිටි අයයි.

HALO අරමුදල යටතේ කටයුතු කරන පිරිසෙන් 40%ක් නියෝජනය කරන්නේ ගැහැනුන් වන අතර ඉන් 62%ක් සිය පවුල් වල ප්‍රධාන ආදායම් මාර්ගය උපයන පිරිස අතර පසුවනවා.

ඒ හා සම්බන්ධව කටයුතු කරන 37%ක පිරිසක් යුද්ධය නිසාම සිය පවුලේ සාමාජිකයින්, ඥාතීන් ඇතුළු සමීපතම පිරිස් අහිමි වූවනුයි.

එමෙන්ම ”HALO අරමුදල” අමරිකාව, බ්‍රිතාන්‍ය, ජපානය සහ කැනඩාව ඇතුළු රටවල් වල කිහිපයක ආධාර සහිතව ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයක්.

ලංකාවේ උතුරු ප්‍රදේශය බිම්බෝම්බ වැඩිවශයෙන් පවතින ප්‍රදේශයක් ලෙසයි හඳුනාගෙන ඇත්තේ.

2019 වසරේ ජනවාරි 31 දින වන විට බිම්බෝම්බ තුන් ලක්ෂ නමදාස් තුන්සිය පනස් හතරක් (309,354) සොයාගැනීමට හැකිව ඇති අතර ලෝකයේ විශාලතම බිම්බෝම්බ සහිත ප්‍රදේශය ලංකාවේ, මුහමාලෙයි ලෙසයි සැළකෙන්නේ.

She is the same as the Creator of God!

බෝම්බ සමඟ ගැටෙන ලංකාවේ කාන්තාවෝලෝක ප්‍රකට Getty Images වෙබ් අඩවිය හා සම්බන්ධව කටයුතු කරන ජායාරූප ශිල්පියෙකු වන ඇලිසන් ජෝයිස් (Allison Joyce) මෑතකදී උතුරු ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීම සම්බන්ධව කටයුතු කරනු ලබන අරමුදලට (HALO) අනුබද්ධව බිම්බෝම්බ ඉවත් කරන දමිළ කාන්තාවන් හා එක්ව කාලය ගත කර තිබෙනවා. For More – https://bit.ly/2J013zT

Posted by Newshub.lk on Friday, March 8, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here