Home Local ආදරවන්තයින්ගේ සටනට යතුරුපැදි පෙළපාලි තහනම්

ආදරවන්තයින්ගේ සටනට යතුරුපැදි පෙළපාලි තහනම්

653
0

මේ මස 15 සහ 16 දිනවල පැවැත්විමට නියමිත ගාල්ල රිච්මන්ඩ් – මහින්ද වාර්ෂික විද්‍යාලාන්තර ක්‍රිකට් තරගයට සමගාමිව යතුරු පැදි පෙළපාලි පැවැත්විම තහනම් කිරිමට තිරණය කර ඇතැයි ගාල්ල පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කර සිටියා.

ක්‍රිකට් තරගය පිළිබඳව විදුහල් දෙකේ විදුහල්පතිවරුන්ද සමඟ පැවති සාකච්ඡාවකදි විදුහල්පතිවරුන්ද එයට එකඟවු බවයි එම නිලධාරියා පැවසුවේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කල එම නිලධාරියා මෙසේද කියා සිටියා,
“පසුගිය කාලයේ මෙම ක්‍රිකට් තරගයට සමගාමිව පාසල් දෙකම යතුරු පැදි පෙළපාලි පැවැත්වූවා. එක යතුරු පැදියේ තුන් හතරදෙනා නැග ආරක්ෂිත හිස් වැසුම්ද නොමැතිව විවිධ ශබ්ද නගමින් අධික වේගයෙන් ධාවනය කිරිම නිසා අනතුරු රැසක් සිදුවුණා. එම නිසා මෙම පියවර ගැනිමට සිදුවුණා.”

ෆර්හාන් නිසාම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here