Home Sports ‘නිල් මහ සටන’ අද ඇරඹෙයි

‘නිල් මහ සටන’ අද ඇරඹෙයි

343
0

නිදහස් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම අග‍්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායක අනුස්මරණ කුසලාන වෙනුවෙන් කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන ‘නිල් මහ සටන වාර්ෂික මහා ක‍්‍රිකට් තරගය’ අද (07) ආරම්භ වනවා.

ඒ අනුව අදාළ තරග අද (07) සිට (08) හෙට සහ අනිද්දා (09) පුරා දින 03ක් කොළඹ SSC පිටියේදී පැවැත්වෙයි.

ලොව දෙවැනියට පැරණිතම වාර්ෂික පාසල් මහා ක‍්‍රිකට් තරගය වන කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන ‘නිල් මහ සටන වාර්ෂික මහා ක‍්‍රිකට් තරගය’ මෙවර පැවැත්වෙන්නේ 140 වැනි වරටයි.

ඒ අනුව ලොව පැරණිතම වාර්ෂික පාසල් මහා ක‍්‍රිකට් තරගය ලෙසින් ඉතිහාසයට එක්ව ඇත්තේ 1878 දී ඔස්ටේ‍්‍රලියාවේ ඇඩිලේඞ් නුවර දී ආරම්භ වූ සාන්ත පීතර සහ ප‍්‍රින්ස් ඇල්ෆර්ඞ් විදුහල අතර තරගයයි.

එහෙත් 1879 වසරේ සිට ආරම්භ වූ මෙම ‘නිල් මහ සටන වාර්ෂික මහා ක‍්‍රිකට් තරගය’ ලොව මෙතෙක් නොකඩවා පවත්වනු ලැබූ එකම වාර්ෂික මහා ක‍්‍රිකට් තරගය ලෙසද ඉතිහාසගතවනවා.

රාජකීය විද්‍යාලය සහ තෝමස් විද්‍යාලය අතර මෙතෙක් වාර්ෂිකව මෙම තරගාවලිය 139 වතාවක් පවත්වා ඇති අතර එහිදී තරග 35ක් ජයග‍්‍රහණය කිරීමට රාජකීය විද්‍යාලය සමත්ව ඇති අතර තරග 34ක් ජයග‍්‍රහණය කිරීමට සාන්ත තෝමස් විද්‍යාලය සමත්ව තිබෙනවා.

නිල මහ සටනේ අවසන් වරට තරගයක් ජයග‍්‍රහණය කිරීමට සමත්ව ඇත්තේ 2016 වසරේ දී ගීෂාත් පණ්ඩිතරත්නගේ නායකත්වයෙන් යුත් රාජකීය කණ්ඩායමයි.

තෝමසුවන් අවසන් වරට තරගයක් ජයගෙන ඇත්තේ 2007 වසරේදී අශාන් පීරිස්ගේ නායකත්වය යටතේයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here