Home Local කුඩාවැල්ල සිව්පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ නැතැයි කියා පිරිසක් විරෝධතාවයක – PHOTOS

කුඩාවැල්ල සිව්පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ නැතැයි කියා පිරිසක් විරෝධතාවයක – PHOTOS

666
0

තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේදී සිදුවූ සිව් පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් නිසි ආකාර පරීක්ෂණයක් සිදුනොවන බව කියමින් අද (07) තංගල්ල කුඩාවැල්ල මංසන්දියේදී ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් අවහිර කරමින් විරෝධතාවක් පැවැත්වුණා.

ඝාතනයට ලක්වූවන්ගේ ඥාතීන් ඇතුළු ප්‍රදේශවාසීහු 400කට අධික පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටියා.

තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේදී ඉකුත් දෙසැම්බර් මස 25 වනදා නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනකු ඝාතනයට ලක්වුණා.

විවිධ හේතූන් නිසා මෙම සිව් පුද්ගල ඝාතනයන් සම්බන්ධයෙන් නිසිආකාර පරීක්ෂණයක් සිදුනොකරන බව කියමින් මෙම විරෝධතාව සිදුකෙරුණු අතර ඝාතනයට ලක්වූ වයි.ජී.ලතීෆ් උදයකුමාරගේ නිවෙස අසල සිට විරෝධතා පාගමනින් කුඩාවැල්ල මංසන්දිය දක්වා විරෝධතා පාඨ කියමින් පැමිණි විරෝධතාකරුවෝ එම මංසන්දියේදී ටයර් පුළුස්සමින් පොල් ගසා විරෝධතාවයේ නිරත වුණා.

විරෝධතාකරුවන් කුඩාවැල්ල මංසන්දිය අසල බිම වාඩි වී විරෝධතා පුවරු අතැතිව විරෝධතාවයේ නිරත වූ අතර මෙම විරෝධතාව හේතුවෙන් තංගල්ල – මාතර ප්‍රධාන මාර්ගය පැය 02ක පමණ කාලයක් සම්පූර්ණයෙන් අවහිර වුණා.

තංගල්ල පොලිස් අධිකාරී අබේරාජ් ගම්ලත් මහතා විරෝධතාව පැවැති ස්ථානය අසලට පැමිණ විරෝධතාකරුවන් සමඟ සාකච්ඡා කර මියගිය අයවලුන්ගේ තෙමස් පූර්ණ දානමය පින්කමට පෙර ඝාතනයට සම්බන්ධ අයවලුන් අත්අඩංගුවට ගන්නා බවට පොරොන්දු වීමෙන් අනතුරුව විරෝධතාකරුවන් විරෝධතාව අවසන් කර විසිර ගොස් තිබෙනවා.

අනීෂා මානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here