Home Local හම්බන්තොටට පෙට්‍රෝලියම් පිරිපහදුවක්

හම්බන්තොටට පෙට්‍රෝලියම් පිරිපහදුවක්

164
0

අපනයනය සඳහා පෙට්‍රෝලියම් පිරිපහදුවක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

වසරකට මෙට්‍රික් ටොන් මිලියන 10ක ධාරිතාවයකින් යුතු මෙම පිරිපහදුව සිංගප්පූරුවේ සිල්ව පාර්ක් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම හා ඕමාන් සුල්තාන් රාජ්‍යයේ තෙල් හා ගෑස් අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව පිහිටුවා ගත් ව්‍යපාරයන් පවත්වාගෙන යෑම සඳහාත් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

එහි වැදගත්කම අනුව යෝජිත කර්මාන්තය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය වන ඉඩම් අක්කර 400ක බිම් ප්‍රමාණයක් අයෝජකයා වෙත බදු පදනම මත ලබාදීම පිණිස සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here