Home Entertainment ෆේස්බුක් හිමිකරුත් පසුකර ලොව ලාබාලතම කෝටිපතිනිය වූ කයිලී – PHOTOS

ෆේස්බුක් හිමිකරුත් පසුකර ලොව ලාබාලතම කෝටිපතිනිය වූ කයිලී – PHOTOS

1310
0

ලොව සුප්‍රසිද්ධ කිම් කාඩේෂියන් පවුලේ බාලයා වන අමරිකානු ජනප්‍රිය රංගන ශිල්පිනි කයිලී ජෙනර් (Kylie Jenne) ලොව ලාබාලතම කෝටිපතිනිය ලෙස ෆෝබ්ස් සඟරාව නම් කොට තිබෙනවා.

ඒ ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් (Mark Zuckerberg) තබා තිබූ වාර්තාවත් පසු කරමින්.

මාක් සකර්බර්ග් එම කෝටිපති ලැයිස්තුවට එක්වන විට සකර්බර්ග්ට වයස 23 වූ අතර කයිලී ජෙනර් එම ලැයිස්තුවට එක්වූයේ ඇයට වයස 21ක් වන විට වීම විශේෂත්වයක්.

21 හැවිරිදි කයිලීට අයත්ව ඇති බව කියන ‘කයිලී කොස්මෙටික්ස් සමාගම’ ගිය වර්ෂයේ ලැබූ ආදායම අමරිකානු ඩොලර් මිලියන 360ක් බවත්, කයිලී ජෙනර් සතු සමොඌර්ණ වත්කම අමරිකානු ඩොලර් බිලියනය ඉක්මවන බවත් සඳහන්.

ෆෝබ්ස් සඟරාව මේ පිළිබඳව කයිලිගෙන් කරන ලද විමසීමකදී ඇය කියා සිටියේ මෙවැන්නක්.

“මම අනාගතය කලින් සැලසුම් කළේ නැහැ. මම කිසි දෙයක් බලාපොරොත්තු වුනෙත් නැහැ. මට මේ ලැබුණු දේ ගොඩක් හොඳයි. අනික් අතට ඒක මට ලොකු අවස්ථාවක් ” යනුවෙනුයි.

Related image
Image result for Kylie Jenner
Image result for Kylie Jenner
Related image
Image result for Kylie Jenner
Related image
Related image
Related image

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here