Home Local දුම්රිය 07කට හෙට සිට කාන්තා මැදිරි

දුම්රිය 07කට හෙට සිට කාන්තා මැදිරි

432
0

ලෝක කාන්තා දිනයට සමගාමිව හෙට සිට (08) කාර්යාල දුම්රිය 07කට කාන්තාවන් සඳහා වෙන්වු කාන්තා දුම්රිය මැදිරි යොදවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ඇමැති අර්ජුන රණතුංග පවසනවා.

කාන්තාවන් හට නිතර නිතර පොදු ප්‍රවාහන සේවාවේදි සිදුවන අසිරුතාවයන්ගෙන් හිංසනයන්ගෙන් බේරා ගැනිම සදහා ප්‍රවාහන අමැතිවරයා ප්‍රථම අදියර වශයෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

ඒ අනුව අලුයම 06.30ට මීරිගම දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුක්වා ධාවනය වන අංක 525 දරණ දුම්රියේ, රඹුක්කන දුම්රිය ස්ථානයෙන් අලුයම 05.57 කොළඹ කොටුව දක්වා ගමන් අරඹන දුම්රියේත්, පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් අලුයම 05.25 කොළඹ කොටුව දක්වා ගමන් අරඹන දුම්රියේත්, මහව දුම්රිය ස්ථානයෙන් අලුයම 04.45ට ගමන් අරඹන දුම්රියේත්, පුත්තලම දුම්රිය ස්ථානයෙන් අලුයම 04.30 මරදාන බලා ගමන් අරඹන බංගදෙනිය දුම්රියේත්, ගාල්ල දුම්රිය ස්ථානයෙන් අලුයම 05.00 සිට මරදාන දක්වා ගමන් අරඹන සමුද්‍රදේවී දුම්රියේත්, මාතර දුම්රිය ස්ථානයෙන් අලුයම 05.00ට මරදාන බලා ගමන් අරඹන කාර්යාල දුම්රිය වලට කාන්තා දුම්රිය මැදිරිය බැගින් යොදවීමට පියවර ගෙන තිබෙනවා.

ප්‍රථම අදියර යටතේ කාර්යාල දුම්රිය වලට කාන්තා මැදිරි යොදවන අතර ඉදිරියේදි අනික් දුම්රිය වලට ද කාන්තා මැදිරි යෙදවීමට තිරණය කර ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශය සදහන් කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here