Home Local නාඋල දී ඉදිකිරිමට යෝජිත කැසිනෝ ශාලාවකට ජවිපෙ විරෝධය

නාඋල දී ඉදිකිරිමට යෝජිත කැසිනෝ ශාලාවකට ජවිපෙ විරෝධය

777
0

නාඋල නගරයේ කැසිනෝ ශාලාවක් ආරම්භ කිරිමේ සූදානමට සිය පක්ෂය දැඩි විරෝධයක් එල්ල කරන බව ජනතා විමුක්ති පෙරමුණු නාඋල ප්‍රාදේශිය සභා මන්ත්‍රි සුනිල් ශාන්ත කියා සිටියා.

පාසල් දරැවන් 1500ක් පමණ අධ්‍යාපනය හදාන නාඋල ශ්‍රී නාග ජාතික පාසල ආසන්නයේ කැසිනෝ ශාලාවක් ආරම්භ කිරිම බරපතල සමාජ ව්‍යවසනයක් ඇති කිරිමක් බවයි නාඋල ප්‍රාදේශිය සභා මාසික රැස්වීම අමතමින් ඔහු සඳහන් කර සිටින්නේ.

මෙවර ප්‍රාදේශිය සභා මාසික රැස්වීම ඉකුත් (05) වනදා නාඋල ප්‍රාදේශිය සභා ප්‍රධාන ශාලාවේ දී සභාපති සනත් දසනායකගේ (ශ්‍රි ලං පො ජ පෙ ) ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනතා විමුක්ති පෙරමුණු ප්‍රාදේශිය සභා මන්ත්‍රි සුනිල් ශාන්ත,

”අප මහජනතාවගේ නියෝජිතයෝ විදිහට මේක වෙන්න ඉඩ අරිමු කියන බයාදු තීන්දුවට එන්න හොද නැහැ. අපට සැලැස්මක් තියෙන්න ඕනේ මේවට මුහුණ දෙන්න. පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරැන්ගේ රැධිරය පරික්ෂා කරලා ඒ අයගේ හැසිරිම් කඩා වැටෙන ප්‍රමාණයට මේ බිම ඒ හැසිරීම් වලට ගොදුරැ කරන්න දෙන්නේ නැහැ කියලා කියන්න ඕන. අපි ලග විශාල එකමුතුභාවයක් තියෙන්න ඕනේ. මේ නාඋල නගරයට පැමිණෙන අනවශ්‍ය බලපෑම් නතර කරන්න දේශපාලන බේදයකින් තොරව පෙලගැසීය යුතු කාලයක් ඇවිත් තියෙනාවා. නැතිනම් ඉතාමත් කෙටි කාලයකින් වෙන දේ ගැන හිතාගන්න වත් බැහැ.
අපි පැය ගනන් මෙතන රැස්වෙලා කතාකරන දේවල් පිළිබදව ඇති වටිනාකම මොකක්ද. මේ නාඋල නගරය පුලුල් කිරිම සම්බන්ධයෙන් පසුගිය සභා වාරේ දැඩි විදිහට ජනතා විමුක්ති පෙරමුණ මෙතන ඉන්න විශාල මන්ත්‍රීවරු පිරිසක් දැඩිව විවේචනය කළා. අපි සංවර්ධනයට විරැද්ධ වෙන්නේ නැහැ. නමුත් මාර්ගයක් පුලුල් වෙන වෙලාවක මාර්ග රක්ෂිත ප්‍රදේශයයෙන් ඔබ්බට මහජනතාවගේ දෙපල අයිතිකර ගන්නවානම් ඒ සදහා වන්දියක් අවශ්‍යයි කියන එකයි අපි කියන්නේ.
මේ නගරයේ මහජනතාවට වන්දි මුදලක් හම්බවෙනවා නම් ඇයි විරුද්ධ වෙන්නේ. ඒ නිසා පටු විදිහට දේශපාලන කෝන වලින් අපි දිහා බලන් එපා කියලා අපි කියනවා.‘‘
යනුවෙන් කියා සිටියා.

ඉන්දික අරැණ කුමාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here