ඉන්දීය රජය සතු ‘Air India’ ගුවන් සේවාවේ කාර්ය මණ්ඩලය මින් මතු මඟීන් අමතන නිවේදන වලින් පසුව ‘ඉන්දියාව දිනේවා’ ‘hail the motherland’ යනුවෙන් ප්‍රකාශ කළ යුතු බව එරට රජය නියෝග කර ඇතැයි The Independent වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.
මේ බව එයාර් ඉන්ඩියා ගුවන් සේවාවේ මෙහෙයුම් අධ්‍යක්ෂක කපිතාන් අමිතාබ් සිං (Amitabh Singh) විසිනුයි සඳහන් කර ඇත්තේ.
ඉන්දීය බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ පසුගියදා පාකිස්තානය සමග ඇතිවූ අර්බුදයෙන් අනතුරුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.