Home Local මන්නාරම සමූහ මිනිවළ අස්ථි කොටස් කාබන් පරීක්ෂණ ප්‍රසිද්ධ කරයි

මන්නාරම සමූහ මිනිවළ අස්ථි කොටස් කාබන් පරීක්ෂණ ප්‍රසිද්ධ කරයි

678
0

මන්නාරම සමූහ මිනිවළ තුළින් හමුවීමෙන් අනතුරුව කාබන් පරීක්ෂණ වෙනුවෙන් ෆ්ලෝරිඩා කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යැවු සාම්පලවල වාර්තාව අද (07) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය විසින් මහජන ලියවිල්ලක් මගින් ප්‍රසිද්ධ කරනු ලැබුවා.

මන්නාරම සමූහ මිනිවළ තුළින් හමුවීමෙන් අනතුරුව කාබන් පරීක්ෂණ වෙනුවෙන් ෆ්ලෝරිඩා කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යැවු සාම්පලවල වාර්තාව මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ලැබීමෙන් අනතුරුව අදාළ වාර්තාව මහජන ලියවිල්ලක් ලෙස අධිකරණය මගින් නිකුත් කරනු ලැබුවා.

මන්නාරම සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැනීම් කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි සම්න්ද රාජපක්ෂ ඊයේ (06) පැවසූවේ සමූහ මිනිවළ සම්බන්ධයෙන් කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යොමු කළ සාම්පලය වාර්තාව නිළ වශයෙන් අධිකරණයට ලැබී ඇති බවයි.

සමූහ මිනිවළ තුළින් ලබාගත් මිනිස් සිරුරු 06කට අදාළ අස්ථි කොටස් කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යොමුකළ අතර අදාළ සාම්පලය හය සම්බන්ධ වාර්තාව නිළ වශයෙන් ලැබී ඇති බවද හෙතෙම ප්‍රකාශ කර සිටියා.

අදාළ වාර්තාව ෆ්ලෝරීඩා බීටා ඇනලයිස්ටි ආයතනයෙන් නිළ වශයෙන් අධිකරණයට ලැබුණද අදාළ දත්ත සම්බන්ධයෙන් විද්‍යාත්මත දත්ත ලැබී ඇති අතර, අදාළ දත්තවල නිළ පැහැදිලි කිරීමක් අධිකරණය අදාළ ආයතනයෙන් ඉල්ලීම් කොට ඇති බවද රාජපක්ෂ සදහන් කර සිටියා.

වාර්තාවේ පවතින කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අදාළ දත්ත ලැබීමෙන් අනතුරුව සිදුකරන ලෙසට අධිකරණය මගින් උපදෙස් ලැබී ඇති බවද පැවසුවා.

දත්ත වාර්තා අධ්‍යයනයේදී පෙනී යන කරුණක් වන්නේ අදාළ සාම්පල 1450ත් 1650ත් අතර සීමාවක පෙන්නුම් කරන බවට අනාවරණය වන නමුත් කාලසීම නිශ්චිතව ප්‍රකාශ කිරීම ඒ තුළින් සිදුකළ නොහැකි වන බව දත්ත විශ්ලේශකයින් පවසනවා.

සමූහ මිනිවළ තුළින් 155 වන දිනට අද පරීක්ෂණ පවත්වන අතර, මිනිවළ තුළින් මිනිස් සිරුරු 325 ක අස්ථි කොටස් ‍මතුකර ගැනීමට හැකිවි ඇති අතර, අදාළ සිරුරු තුළින් මිනිස් සිරුරු 318කට අයත් අස්ථි කොටස් මේ වන විට ගොඩගෙන ඇති අතර, ඒ අතර ළමුන් 29දෙනෙකුට අයත් අස්ථි කොටස්ද පවතිනවා.

සොයාගත් අස්ථි කොටස් අතරින් කාබන් පරීක්ෂාවට යොමු කළ සාම්පල් 06ක් ජනවාරි 23 වනදා ෆ්ලෝරිඩාවේ කාබන් නීර්ණ පරීක්ෂණ රසායනාගාර වෙත ලබාදුන් අතර, අදාළ පරීක්ෂණ වාර්තා ප්‍රතිඵල එලෙස ලැබු බවද ඔහු සඳහන් කර සිටියා.

විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා වැඩිදුරටත් පැවසුවේ අදාළ කාබන් පරීක්ෂණ දත්ත පිළිබද වාර්තාව තමන් වෙත හා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ලිඛිතව යොමු කරන ලෙසට අදාළ රසායනාගාර දැනුවත් කොට ඇති බවයි.

මන්නාරම මහේස්ත්‍රාවරයාගේ නියෝග යටතේ අධිකරණ වෛද්‍ය විද්‍යව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක්,පුරාවිද්‍යාව පිළිබද විශේෂඥ කැළණිය විශ්ව විද්‍යාල ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා, අතුරුදහන්වූවන් පිළිබද කාර්යාලයේ නියෝජිතයින්, රාජයේ රස පරීක්ෂක නිළධාරීන්, මන්නාරම දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින්, රජයේ නීතීඥවරුන් ඇතුළු කණ්ඩායමක් ඉදිරිපස අදාළ කාබන් පරීක්ෂාවට යොමු කිරීමට නියමිත අස්ථි කොටස් සාම්පල ලබාගැනුණා.

රාජපක්ෂ මහතා පැවසූවේ සියළු පාර්ශව වෙනුවෙන් විනිවිධභාවය ආරක්ෂ වන ආකාරයෙන් කාබන් පරීක්ෂාවට යොමුකරන අස්ථි කොටස් කැබලි ලබාගත් අතර, කිසිදු ආකාරයක දෝෂයක් නොවන ආකාරයට සියළු පාර්ශවවල නිරීක්ෂණ මත කාබන් පරීක්ෂාවට යොමුකරන අස්ථි ලබාගත් බවයි.

මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබුවා.

මන්නාරම පොලිසිය අදාළ ස්ථානය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළමුව මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස්රාජාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කරනු ලැබුවා.

මන්නාරම නව මහේස්ත්‍රාත් ටි.සරවනරාජාගේ නියෝග යටතේ පුරාවිද්‍යා විමර්ශන මහාචාර්ය රාජ් සෝමදේව මහතා හා විශේෂඥ අධිකරණ වෛද්‍ය සමීන්ද්‍ර රාජපක්ෂ මහතා, මන්නාරම පොලිස් නිළධාරීන්,මන්නාරම අධිකරණ නිළධාරීන්, රජයේ රස පරීක්ෂක නිළධාරීන්ගේ සහයෝගය යටතේ අදාළ ස්ථානයේ පරීක්ෂණ පවත්වනු ලබනවා.

වර්තමාන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතුවලට එක්වු කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව සම්බන්ධ මහාචාර්ය රාජ් සෝමදේවගෙන් විමසීමේදී ඔහු පැවසූවේ මන්නාරම සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් හමුවු මිනිස් අස්ථි සම්බන්ධයෙන් නිශ්චිත කාල නීර්ණයක් මෙතෙක් සිදුකොට නොමැති බවයි.

අදාළ අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී එක් කොටසක කිසියම් නිශ්චිත ආකාරයට ක්‍රමානුකූලව අස්ථි කොටස් පවතින බවත්, තවත් ස්ථානයක අස්ථි හමුවු අස්ථි කොටස් අක්‍රමවත් ආකාරයට තැන්පත් කොට තිබෙන බවද හෙතෙම සදහන් කර සිටියා.

සාම්ප්‍රදායික සුසානභූමියක අස්ථි තැන්පත් කොට තිබෙන ආකාරයෙන් ඔබ්බට වන ආකාරයට ඇතැම් අස්ථි හමුවි ඇති බවද හෙතෙම සඳහන් කර සිටියේ.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here