Home Environment කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බසියි – PHOTOS

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බසියි – PHOTOS

444
0

මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවල මාස කිහිපයක් තිස්සේ පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම 30% දක්වා පහත බැස ඇති බව විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු සඳහන් කර සිටිනවා.

කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 40ක් දක්වා පහල බැස ඇති අතර මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ට්ම පිටාර මට්ටමේ සිට අඩි 38ක් දක්වා පහල බැස ඇති බවයි විදුලි බල මණ්ඩලය කියා සිටියේ.

එම ජලාශ වලින් ලබාගන්නා ජලය උපයෝගි කර ගනිමින් කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලිය උත්පාදනය කරනු ලබනවා.

කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල දැනට පවතින ජල ධාරිතාවෙන් 25% දක්වා විදුලි උත්පාදනයට ජලය ලබාගත හැකි බවයි විදුලි බල මණ්ඩලය කියා සිටින්නේ.

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වලින් පානිය ජලය ලබා දිම සදහා කැළණි ගගට ජලය මුදා හැරිමටද ජල ධාරිතාව රදවා ගත යුතු බවද ලංකා විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු වැඩි දුරටත් කියා සිටියේ.

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව පහල බැසිමත් සමග එම ජලාශ ඉදිකිරිමේදි යට වූ නටඹුන් කිහිපයක් මේ වන විට මතු වි තිබෙනවා.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here