ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින අස්ථාවරත්වය අනුව ජනපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ඇති හැකියාව තමන්ට බැහැර කළ නොහැකි යැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනපතිවරයා මේ බව සඳහන් කළේ දේශීය හා විදේශීය ජනමාධ්‍ය ආයතනයන්හි ප්‍රධානීන් හා පැවැත්වෙන සාකච්ඡාවකදීයි.
එම හමුව මේ වන විටත් ජනපති නිල නිවසේදී පැවැත්වෙන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.
රටේ පවතින තත්ත්වය යටතේ ඉදිරියට ගමන් කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙම හමුව පවත්වනු ලබනවා.
මේ වන විට රට පවතින ආර්ථික අස්ථාවරත්වයෙන් රට ගොඩ නැගීම සඳහා දේශපාලන වෙනස්කම් අමතක කරමින් රට වෙනුවෙන් වැඩ කිරිමට එක්වෙන ලෙසද ජනපතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.