Home Local බිග් මැච් කාලසීමාවේ විනය කඩන පාසල් සිසුන්ට නීතිය දැඩි වෙයි

බිග් මැච් කාලසීමාවේ විනය කඩන පාසල් සිසුන්ට නීතිය දැඩි වෙයි

344
0

පාසල් මහා කි‍්‍රකට් තරග (Big Match) පැවැත්වෙන මෙම කාලසීමාවේ විනය විරෝධීව හැසිරෙන පාසල් සිසුන්ට එරෙහිව නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසනවා.

එබැවින් මෙම කාලයේදී මාර්ගය තුළ විනය විරෝධී කි‍්‍රයාවල නිරත වීමෙන් වලකින්නැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සියලූ පාසල් සිසුන්ගෙන් ඉල්ලා සිටිනවා.

පාසල් මහා කි‍්‍රකට් තරග පැවැත්වෙන කාලසීමාවේ බාලිකා පාසල් සඳහා විශේෂ පොලිස් ආරක්‍ෂාවක් ලබාදී ඇතැයි ද ඔහු කියා සිටියා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා,

”මේ කාලයේදී පාසල් අතර බිග් මැච් උණුසුම තියෙනවා. පාසල් දරුවන් මේ කාලසීමාවේ වාහන වලින් පාරේ යනවා. ඒ යනකොට බොහෝ සිසුන් පාරේ ගමන් ගන්නා අයට හිරිහැර වන අයුරින් යනවා. මේ නිසා නගර ආශි‍්‍රතව විශේෂ පොලිස් ආරක්‍ෂාවක් යොදවලා තිබෙනවා. එහෙම අශෝභන ආකාරයෙන් හැසිරුණොත් ඒ සිසුන්ව තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නවා. කී‍්‍රඩාවේ සතුට තවත් කෙනකුට හිරිහැරයක් කරමින් භුක්ති විඳිනවානම් ඒක වැරදියි. ඒ වගේම මාර්ගයේ පාසල් සිසුන් විනය විරෝධීව හැසිරෙනවානම් ළඟම පොලිසියට දැනුම් දෙන්න කියලා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here