Home Local ප්‍රමිතියෙන් තොර ආහාර ඇතුළත් ගබඩාවක් වටලයි – PHOTOS

ප්‍රමිතියෙන් තොර ආහාර ඇතුළත් ගබඩාවක් වටලයි – PHOTOS

803
0

ප්‍රමිතියකින් තොර ආහාර ද්‍රව්‍ය පැකට් කර වතු කම්කරුවන්ට බෙදාහරින ගබඩාවක් වටලා එහි තිබු පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ ආහාර ද්‍රව්‍යය රැසක් අද (06) මහජන සෞඛය්‍ය පරික්ෂකවරුන් භාරයට ගනු ලැබුවා.

හැටන්, කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ කුලි පදනම මත ලබාගත් නිවසක ගබඩා කාමරයක් ලෙස පවත්වාගෙන යමින් පිරිසක් වතු කම්කරුවන්ට ආහාර ද්‍රව්‍ය පැකට් කර අසුරා වාරික පදනම මත මුදල් ලබාගැනිමේ ක්‍රමවේදයක් යටතේ ආහාර ද්‍රව්‍ය බෙදාහැරිම මෙම ගබඩාව තුල සිදුකරනු ලැබුවා.

රුපියල් 10500 සහ රුපියල් 6500 බැගින් වු ආහාර ද්‍රව්‍ය අඩංගු මළු සකස් කර ඇණවුම ලබාදෙන වතු කම්කරුවාගේ නිවසටම ත්‍රිරෝද රථයකින් රැගෙන ගොස් එම ආහර ද්‍රව්‍ය අඩංගු මල්ල භාරදීම ව්‍යපාරයක් වශයෙන් මෙම ගබඩාව පවත්වාගෙන යන අය විසින් සිදුකරමින් සිටිනවා.

එසේ ලබාදෙන ආහාර ද්‍රව්‍යය සදහා වාරික පදනම මත මුදල් අය කරන නිසා හැටන් කොටගල ප්‍රදේශයේ විශාල වතු කම්කරුවන් පිරිසක් තම නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙම ගබඩාව පවත්වාගෙන යන වෙත ඇණවුමක් වශයෙන් භාරදෙන බවයි මෙම වැටලිම සිදුකල කොටගල මහජන සෞඛ්‍යය අධිකාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කියා සිටියේ.

මෙම වැටලිමේදි වතු කම්කරුවන්ට බෙදාහැරිමට සුදානම් කර තිබු ගුල්ලන් සහිත පරිප්පු, කව්පි තොගයක් මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් භාරයට ගැනුනු අතර මෙම ගබඩාවේ පරිභෝගික අඥා පනතට අනුකුල නොවන ආකාරයෙන් ලේබල් රෙගුලාසි උල්ලංඝනය කරමින් ආහාර ද්‍රව්‍යය අසුරා ඇති බවත්, එම ආහාර ද්‍රව්‍යය සහිත ගබඩාව නිසි ප්‍රමිතියකින් තොරව පවත්වාගෙන යැමේ චොදනා යටතේ මෙම ආහාර ද්‍රව්‍යය බෙදා හරින ගබඩාවේ අයිතිකරුට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැරිමට කටයුතු කරන බවයි මෙම වැටලිම සිදුකල මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කියා සිටියේ.

ආහාර ද්‍රව්‍ය බෙදාහරින මධ්‍යස්ථානයේ ප්‍රමිතියකින් තොරව පවත්වාගෙන යන බවට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන්ට ලද පැමිණිල්ලක් මහ මෙම වැටලිම සිදුකර තිබෙනවා.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here