Home Local කේරල ගංජා කිලෝග්‍රෑම් 12ක් සමඟ සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට – PHOTOS

කේරල ගංජා කිලෝග්‍රෑම් 12ක් සමඟ සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට – PHOTOS

756

වැලිගම, මිදිගම පෙදෙසෙහිදි කේරල ගංජා කිලෝග්‍රෑම් 12ක් සමග සැකකරුවකු සැකපිට අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසනවා.

ඊයේ (05) දින රාත්‍රි⁣ මෙම කේරල ගංජා තොගය සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර කිලෝග්‍රෑම් 02කින් යුක්ත පාර්සල් 06ක් හමු වී තිබෙනවා.

එහි වටිනාකම ලක්ෂ 24ක් වන බව පොලිසිය පවසනවා.

මෙම කේරල ගංජා ඔතන ලද කඩදාසි විදේශීය රටක කඩදාසි බැවින් මෙම ගංජා තොගය විදේශීය රටක සිට ගෙන එන්නට ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

සැකකරු මිදිගම පෙදෙසෙහි පදිංචි වයස අවුරුදු 28ක අවිවාහක පුද්ගලයකු ⁣වන අතර මොහු ‘ආමි සනත්’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලබනවා.

කේරල ගංජා තොගය අත්අඩංගුවට ගැනීම මාතර කොට්ඨාස පොලිස් අධිකාරි ගයංග හසන්ත මාරපනගේ නියෝග මත සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාගේ මෙහෙයවීමෙන් වැලිගම පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ජි, පි,ටි, ඉෂාන්ගේ උපදෙස් මත දූෂණ මර්ශන මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තාරුන්ද සහ පොලිස් සැරයන්වරුන් වන (19931) සරත් , (28492 ) දසනායක , (40563 ) මාරසිංහ , ( 18293 ) පාලිත , පොලිස් කොස්තාපල්වරුන් වන (90498 ) දිල්රුක් , (39636 ) මධුසංඛ , (78899 ) කරුණානායක යන නිලධාරි කටයුතු කරනු ලැබුවා.

සැකකරු අද (06) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

තරංග ගුණරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here