Home Local ‘ආසියාවේ අභිමානය’ කරූ ට

‘ආසියාවේ අභිමානය’ කරූ ට

291
0

ඉන්දියාවේ කීර්තිමත් ජනපතිවරයකු මෙන්ම ලෝක ගෞරවාදරයට පාත්‍ර වූ විශීෂ්ට විද්වතකු වන ආචාර්ය අබ්දුල් කලාම් ජනපතිවරයා නමින් ක්‍රියාත්මක වන අබ්දුල් කලාම් කළමනාකරණ හා තාක්ෂණ විද්‍යායාතනය මඟින් Pride Of Asia (ආසියාවේ අභිමානය) සම්මානය ඊයේ(5) පෙරවරුවේ කතානායක කරු ජයසුරිය මහතා වෙත පිරිනැමිනි.

මෙම අවස්ථාවට එම ආයතනය නියෝජනය කරමින් අබ්දුල් කලාම් ජනපතිවරයාගේ සමීපතමයකු මෙන්ම භාරතයේ කීර්තිමත් විද්වතකු වන භාරතය පද්ම ශ්‍රී සම්මානලාභි ආචාර්ය විජායි ශා (Vijay shah) මහතා ද පැමිණ සිටීම විශේෂත්වයක් විය.

ආචාර්ය විජායි ශා මහතා අතින් කතානායකවරයා වෙත මෙම සම්මානය පිරිනැමුණු අතර, එය ශ්‍රී ලාංකික ගෞරවනීය පුරවැසියකුට පිරිනැමට හැකි වීම පිළිබඳව බෙහෙවින් සතුටට පත්වන බව අබ්දුල් කලාම් විද්‍යායතනයේ නියෝජිතයෝ සඳහන් කළහ.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඓතිහාසික සබඳතාවය,ආර්ථික,අධ්‍යාපනික,සංචාරක, අංශ ඔස්සේ ඉදිරියට ගෙන යමින් එහි ප්‍රතිඵල දෙරටෙහි ජනතාවට අත්කර දීමට කාලය එළඹ ඇති බව Pride Of Asia සම්මානය පිළිගනිමින් කතානායකවරයා පැවසීය. ඉන්දියා‍නුවන් ලබා සිටින සිග්‍ර තාක්ෂණ දියුණුව සහ අධ්‍යාපන බහුවිද සංවර්ධනයන් තුළින් ශ්‍රී ලංකාවටද ප්‍රතිලාභ අත්පත් කරගත හැකි බවද මෙහිදී ආචාර්ය විජායි ශා මහතා සඳහන් කෙළේය.

ශ්‍රී ලාංකිකයන් දඹදිව බුද්ධ දේශය වන්දනා කරන ලෙසට රාම-රාවන පුරාවෘත්තය පිළිබඳව ඉන්දියානුවන් තුළ තිබෙන විශ්වාසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ‍ඓතිහාසික ස්ථාන නැරඹීමට ඉන්දියානුවන් තුළ ඇති ආකර්ශනය ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය දියුණු කිරිමෙහිලා විශාල පදනමක් බවට පත්කර ගත හැකි බවද, ඉන්දු ශ්‍රී ලංකා ‍‍ඓතිහාසික මිත්‍රත්වය ශ්‍රී ලංකාවට ලබාදුන් වටිනාම දායාදය බුදු දහම බවද, වර්තමානයේ දෙරට අතර සහයෝගය හා මිත්‍රත්වය තුළින් දෙරටට බොහෝ ඵලදායක ප්‍රතිඵල අත්පත් කැර ගත හැකි බවද සඳහන් කළ කතානායකවරයා තමා වෙත පිරිනැමූ සම්මානය සමස්ත ශ්‍රී ලාංකියන්ට කළ ගෞරවයක් ලෙස පැවසිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here