Home Local දිවයින පුරා ග්‍රාමනිලධාරීන් සංකේත වැඩ වර්ජනයක් අරඹයි

දිවයින පුරා ග්‍රාමනිලධාරීන් සංකේත වැඩ වර්ජනයක් අරඹයි

277
0

ග්‍රාමසේවා නිලධාරින්ගේ රාජකාරි මට්ටමේ ගැටළු 17කට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා දිවයින පුරා ග්‍රාමසේවා නිලධාරින් අද (05) දින සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

එම සංකේත වැඩ වර්ජනය හේතුවෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියළුම ග්‍රාමසේවා නිලධාරින් කාර්යයාල අද දින වසා දමා ඇති බවයි නිව්ස්හබ් වාර්තාකරු සඳහන් කර සිටියේ.

ඇතැම් ග්‍රාම සේවා කාර්යයාල අගහරුවාදා දින නිවාඩු දිනයක් බව සදහන් කර ඇති අතර තවත් ග්‍රාමසේවා නිලධාරින් කාර්යයල කිහිපයක් සිකුරාදා දින නිවාඩු දිනයක් බව සදහන් කර තිබෙනවා.

ග්‍රාමසේවා නිලධාරින්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ග්‍රාමසේවා කාර්යාලය වලින් තම සේවාවන් ඉටු කරගැනිමට පැමි‍‍ණෙන ප්‍රදේශයේ ජනතාව දැඩි අසිරුතාවයට පත් වි තිබෙනවා.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here