Home Local කෝටි 500 දියමන්තිය පානදුරෙන් සොයාගනියි

කෝටි 500 දියමන්තිය පානදුරෙන් සොයාගනියි

400
0

පන්නිපිටිය ප්‍රදේශයේදී පසුගියදා කොල්ලකන ලද බවට සැකකරන රුපියල් කෝටි 500කට අධික වටිනාකමකින් යුත් දියමන්තිය පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර සඳහන් කර සිටිනවා.

පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකරනු තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ පිටිගල ප්‍රදේශයේ පිහිටි නිවස පරීක්ෂා කිරිමේදී, රුපියල් ලක්ෂ 150ක මුදලක් ද සොයා ගැනීමට හැකිවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here