වැලිගම නගරසභා බල පෙදෙසෙහි වෙළඳසැල් පරික්ෂා කිරීමෙන් පසු ආහාරයට නුසුදුසු පොල්තෙල් සොයාගැනීමට හැකිවු බව වැලිගම නගර සභා මහජන සෞඛ්‍ය කාර්යාලය පවසනවා.
වැලිගම මහජන සෞඛ්‍ය කාර්යාලය වෙත ලැබි තිබු පැමිණිලි අනුව නගරයේ වෙළඳසැල් මගින් අහඹු ලෙස ලබාගත් පොල්තෙල් සාම්පල් රජයේ රස පරික්ෂක වෙත යොමුකිරීමෙන් අනාවරණය වි ඇත්තේ ඒවා ආහාරයට නුසුදුසු පොල්තෙල් බවයි.
ඒ අනුව එම පොල්තෙල් සාම්පල් රස පරික්ෂක වාර්තා සමග වෙළඳසැල් හිමිකරුවන් තුන්දෙනෙකු පසුගිය 27 වනදා වැලිගම සෞඛ්‍ය පරික්ෂක නිලධාරි එච්.එම්. නාමල් නුවන් කුමාර විසින් වෙළඳසැල්හිමිකරුවන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
එම එක් වෙළඳසැල් හිමිකරුවකුට රුපියල් 5000 බැගින් රුපියල් 45,000ක දඩ මුදලක් හා දැඩි ලෙස අවවාද කර තිබෙනවා.
මෙම වැටලීම සඳහා වැලිගම නගර සභාවේ සභාපති ( එ,ජ,ප ) රෙහාන් ජයවික්‍රමගේ මගපෙන්වීම මත වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රදිප් කුමාර ගමාච්ච්ගේ උපදෙස් හා නියෝග මත වැලිගම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වන එම්.එන්. එච්. නිහාල් හා නාගරික මහජන සෞඛ්‍ය පරික්ෂක එච්.එම්. නාමල් කුමාර සහ වැලිගම දෙණිපිටිය මහජන සෞඛ්‍ය පරික්ෂක එම්. ඒ.ටී. තාරක යන නිලධාරීන් විසින් වැටලීම සිදුකරනු ලැබුවා.
තරංග ගුණරත්න