Home Environment ඩෙවොන් දිය ඇල්ල නැරඹීමට ප්‍රාදේශීය සභාවෙන් මුදල් අය කරයි – PHOTOS

ඩෙවොන් දිය ඇල්ල නැරඹීමට ප්‍රාදේශීය සභාවෙන් මුදල් අය කරයි – PHOTOS

628

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශණයට ලක් වි ඇති හැටන්, දිඹුල සුන්දර ඩෙවොන් දිය ඇල්ල නැරඹිමට දිනපතා දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන වාහන වලින් කොටගල ප්‍රාදේශිය සභාව මගින් අයථා ලෙස මුදල් අය කරන බව වාර්තා වනවා.

සංචාරකයින්ට කිසිදු පොදු පහසුකමත්වත් ලබානොදි මුදල් අයකර ගැනීමෙන් එම සංචාරකයන් දැඩි අසිරුතාවයට පත් වි ඇති බවයි වාර්තා වන්නේ.

සුදු අධිරාජ්‍යවාදින් මිට වසර ගණනාවකට ප්‍රථම එවකට නුවරඑලිය – හැටන් මාර්ගය ඉදිකිරිමේදි ඩෙවොන් දිය ඇල්ල නැරඹිමට කුඩා නැරඹුම් මධ්‍යස්ථානයක්ද ඉදි කර තිබෙනවා.

හැටන් – නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ දිනකට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් ගමන් කරන අතර එම සැම සංචාරකයෙකුම නැරඹුම් මධ්‍යස්ථානයේ සිට හා ප්‍රධාන මාර්ගයේ සිට ඩෙවොන් දිය ඇල්ල නරඹා එහි ඡායාරුප ගැනිම සිදුකරනු ලබනවා.

එම මර්ගයේ ගමන් ගන්නා වාහනවල රියදුරන්ද තම වෙහෙස නිවා ගැනිමට නැරඹුම් මධ්‍යස්ථානය අසල හා ප්‍රධාන මාර්ගය අභියස රථ වාහන ගාල් කර විවේක ගැනිමක්ද සිදුකරනු ලබනවා.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ අලුතින් ස්ථාපනය කරන ලද කොටගල ප්‍රාදේශිය සභාව මගින් පුවත් පතක දැන්විමක් පල කරමින් ඩෙවොන් දිය ඇල්ලේ නැරඹුම් මධ්‍යස්ථානය අසල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරිමට ටෙන්ඩර්පත් කැදවා එම ටෙන්ඩරය තලවකැලේ ප්‍රදේශයේ තරුණයෙකුට වාර්ෂික බලපත්‍රයක් මත රු ලක්ෂ 1 ½ කට ලබා දී තිබෙනවා.

ටෙන්ඩරය ලබාගත් තරුණයා පළමු පැය සදහා බස් රථයකට රු 100ක්ද, වෑන් රථයකට රු 50 ක්ද, ත්‍රිරෝද රථයකට රු30 ක්ද යතුරුපැදියකට රු 25ක්ද බැගින් අය කරන අතර පැයකට වඩා නැරඹුම් මධ්‍යස්ථානය අසල සහ ප්‍රධන මාර්ගය අභියස ගාල්කර තබන සෑම වාහනයෙකින්ම එම මුදල දෙගුණ තෙගුණ කර අය කරනු ලබනවා.

එම නැරඹුම් මධ්‍යස්ථානය අසල හා ප්‍රධාන මාර්ගය අභියස සුළු වේලාවට පවා ගාල් කරන වාහන වලින් ටෙන්ඩර්පත් ලබාගත් අය විසින් මුදල් අය කරනු ලබනවා.

ඇතැම් අවස්ථා වල ප්‍රවේශපත්‍ර නිකුත් කරන අය විසින් බස් රථයට අයකරන මුදල වෑන් රථ වලටද අය කරන බවයි එම මාර්ගයේ ගමන් ගන්නා වාහනවල රියදුරන්ද කියා සිටින්නේ.

කිසිදු පොදු පහසුකමක්වත් ලබානොදි කොටගල ප්‍රාදේශිය සභාව මගින් ප්‍රධාන මාර්ගයේ සිට සුන්දර ඩෙවොන් දිය ඇල්ල නැරඹිමට මෙසේ මුදල් අය කිරිම අසාධාරණ බවයි එම මාර්ගයේ ගමන් ගන්නා දෙස් විදෙස් සංචාරකයන් මෙන්ම රියදුරන්ද වැඩි දුරටත් කියා සිටින්නේ.

ඩෙවොන් දිය ඇල්ල නැරඹිමට දෙස් විදෙස් සංචාරකයන් රැගෙන වාහන වලින් සහ එම ස්ථානයේ රථ වාහන ගාල් කරන වාහන අයිතිකරුවන්ගෙන් මෙසේ මුදල් අය කිරිම සම්බන්ධයෙන් අප කොටගල ප්‍රාදේශිය සභාවේ සභාපති රාජමණි ප්‍රසාද් (ලංකා කම්කරු කොන්ග්‍රසය ) අප කල විමසුමකට ඔහු කියාසිටියේ කොටගල ප්‍රාදේශිය සභාවට ආදායමක් ලබා ගැනිමේ අදහසින් ඩෙවොන් දිය ඇල්ල අසල නැරඹුම් මධ්‍යස්ථානයේ රථ වාහන ගාල් කරන අයගෙන් මුදල් අය කිරිමට පියවර ගත් බවයි.

ඉදිරියේදි එම ස්ථානයේ පොදු පහසුකම් ඇති කිරිමට පියවර ගන්නා බවද ප්‍රාදේශිය සභාවේ සහභාපතිවරයා කියා සිටියා.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here