Home Local ආවා කල්ලියෙන් කොක්කුවිල් නිවසකට තර්ජනාත්මක ලිපියක් – PHOTOS

ආවා කල්ලියෙන් කොක්කුවිල් නිවසකට තර්ජනාත්මක ලිපියක් – PHOTOS

607

යාපනය, කොක්කුවිල් ප්‍රදේශයේ පදිංචි සෙල්වරාසා නමැත්තෙකු‍ගේ නිවස වෙත ආවා කල්ලිය විසින් තර්ජනාත්මක ලිපියක් යවා ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසනවා.

යාපනය ආරක්ෂක අංශ පැවසූවේ අදාළ නිවසේ ගෙට්ටුව අසළ ඇති CCTV කැමරා වහාම ගලවා ඉවත් කළ යුතු බවත් එලෙස නොවන්නේනම් නිවස වසා දැමීමට කටයුතු කරන බවට ලිපියක් යොමුකොට ඇති බවයි.

අදාළ පුද්ගලයාගේ නිවසේ පැවති CCTV කැමරා දර්ශන මගින් ආවා කල්ලියේ ක්‍රියාකාරකමක් අනාවරණය කර ගැනීමට හැකි වි ඇති බවයි ආරක්ෂක අංශ පවසන්නේ.

ඒ හේතුවෙන් අදාළ පුද්ගලයාගේ නිවසේ CCTV කැමරා ඉවත් කරන ලෙසට තර්ජනාත්මක ලිපියක් යොමුකොට ඇති බවද ආරක්ෂක අංශ අනාවරණය කොටගෙන තිබෙනවා.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here