ඉන්දියාවට අයත් කාශ්මීර ප්‍රදේශයේදී එරට හමුදා රථ පෙළකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය හමුදා සාමාජිකයන් වෙනුවෙන් එරට විද්‍යාඥයකු ඉන්දීය රුපියල් කෝටි 110ක් ප්රදානය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ‘ජායිෂ් ඊ මොහොම්මද්’ සංවිධානය එල්ල කරන ලද එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ඉන්දීය හමුදා සාමාජිකයින් 40ක් ජීවිතක්ෂයට පත්වුණා.
ඉන්දියාවේ මුම්බායිහී ජීවත්වන මුර්තාසා ඒ. හමීඩ් (Murtaza A. Hamid) නැමැත්තෙකු එලෙස මුදල් ප්රදානය කර ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ‘ජාතික සහන අරමුදලට’ යි.
තමන් මුදල් ප්රදානය කරන්නේ කාශ්මීරයේ පුල්වාමා ප්‍රහාරයෙන් මියගිය හමුදා සාමාජිකයන්ගේ පවුල්වල සුබ සාධනය උදෙසා යැයි හමීඩ් ඊමේල් පණිවුඩයක් යොමු කරමින් සඳහන් කර ඇති අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට ද අවස්ථාවක් ඉල්ලා තිබෙනවා.
මුර්තාසා ඒ. හමීඩ් උපතේ සිට ඇස් නොපෙනන අතර ඔහු මේ වනවිට 41 වැනි වියේ පසුවනවා.
හමීඩ් කෝඨාහි රජයේ වාණිජ විශ්ව විද්‍යාලයෙන් සිය උපාධිය සම්පූර්ණ කළ අතර මේ වනවිට මුම්බායි කේන්ද්‍ර කරගනිමින් පර්යේෂකයකු හා විද්‍යාඥයකු ලෙස කටයුතු කරනු ලබනවා.
