Home Hit ලාල්කාන්ත නිසා ජවිපෙ ගැටෙයි

ලාල්කාන්ත නිසා ජවිපෙ ගැටෙයි

740
0

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත ඇප මත නිදහස් වීමෙන් පසු ඔහු පිළිබඳ තීරණයක් ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක පවසනවා.

ඔහු කියා සිටියේ ලාල් කාන්ත හිටපු මන්ත‍්‍රීවරයා පක්ෂයේ සම්ප‍්‍රදායන් කඩකර තිබුණහොත් ඊට එරෙහිව පියවර ගැනීමට සිදු වන බවයි.

”ජනතා විමුක්ති පෙරමුණ මේ සම්බන්ධයෙන් කිසිදු මැදිහත් වීමක් සිදුකරේ නැහැ. අවශ්‍ය තීන්දු තීරණ අධිකරණයෙන් ලබාදී දින 14ක කාලයක් රිමාන්ඩ් ගත කරලා තියෙනවා. ලාල් කාන්ත සහෝදරයා ආවට පස්සේ ඔහුගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කරලා බලන්න ඕනේ. මොකක්ද සිද්ධ වුනේ ඇයි ඔහු බීමතින් සිටියේ කියලා. පක්ෂයක් වශයෙන් දුම් බිම, මත්පැන් පානය කිරීම ආදී කරුණු දේශපාලනික සහ ආර්ථික හේතු නිසා අපි තහනම් කිරීමට පියවර ගනු ලැබුවා. ඒ මිට වසර ගණනාවකට පෙරදීයි.”

නමුත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කල විමසීමකදී ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියේ සාමාජිකයන්ට බීමට තහනමක් පනවා නැති බවයි.

නමුත් පක්‍ෂ නායකයන් රටබීම පානය කරන්නේ නැතැයි පක්‍ෂය තුල සම්ප‍්‍රදායක් ඇතැයිද ඔහු සදහන් කර සිටියා.

ලාල් කාන්ත මන්ත්‍රීවරයා බන්ධනාගාරයෙන් නිදහස් වී පැමිණි පසු ඔහු සමග සාකච්ජා කර රටබීම පානය කර ඇත්නම් ‘නැවත බොන්න එපා’ යයි අවවාද කිරීමට බලාපොරොත්තු වන බවයි ප‍්‍රධාන ලේකම්වරයා කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here