Home World අදටත් ඇමරිකාවේ ඇති අත්භූතම නිවස

අදටත් ඇමරිකාවේ ඇති අත්භූතම නිවස

2081
0

ඇමරිකාවේ නිව්යොර්ක් නගරයට සැතපුම් 30ක් මෙපිටින් Long Island හි ඇමිටිවිලා නගරයෙහි මේ අත්භූත සිදුවීම් සදහා සම්බන්ධ නිවස පිහිටා ඇත.ඡයාරූපයේ ඇත්තේ එ සැබැම නිවසයි.1974 වසරේ නොවැම්බර් 13 වන දින රාත්‍රියේ මේ නිවසේ දරුණු සමූල ඝාතනයක් සිදු කෙරුණි.එ Ronald J.Defeo Jr නැමති වයස 23ක තරුණයා විසින් තම මව,පියා හා සහෝදර සහෝදරියන් 4ක් නින්දේදීම ඝාතනය කිරිමෙනි.

පසුව ඔහු කළ පාපොච්චාරණයේදි ඔහු කියා සිටියේ නිවසෙන් ඇසුණු කටහඩවල් තමාට එසේ සිදු කිරීමට පැවසු බවය.කෙසේ වෙතත් එම මරන සදහා වරදකරු වු ඔහු ඒ සදහා අදටත් ජිවිතාන්තය දක්වා සිර දඩුවම් විදියි.මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 67කි.

Image result for Ronald J.Defeo Jr


මෙය එක් පුද්ගලයෙක් කළ ඝාතන මාලාවක් වුවද මරණ සම්බන්ධව විශාල අභිරහස් සංඛ්‍යාවක් ඇත.ඉන් එක් කරුණක් නම් මේ මියගිය සියළුදෙනාම තම හිස් පහළට සිටින ඉරියව්වෙන් නිදාගෙන තිබිමයි.සයදෙනාම එකම ඉරියව්වෙන් නිදාගෙන මියගොස් තිබුණු බවත්,මරා දැමු පසු එසේ සිරුරු සකසා නැති බවත් වෛද්‍ය පරික්ෂන වලින් ඔප්පු වී තිබුණි.තවත් කරුණක් නම් ඔවුන්ට වෙඩි තබා ඇත්තේ 35 Marlin Rifile වර්ගයේ තුවක්කුවකිනි.

මරණ අතර කාල පරතරය බැලු විට සම්පුර්ණ ඝාතනයට විනාඩි 15ක් පමණ ගතවී ඇත.නමුත් තුවක්කුවට Silencer එකක් භාවිත නොකළහොත් අධික ශබ්දයක් නිකුත්වේ.එනමුත් සය දෙනෙකු විටින් විට ඝාතනය කරන තුරු එක් අයෙකුවත් තුවක්කු ශබ්දයට පිබිදි නැත.

මියගිය කිසිවෙකුට නින්ද යාමට බෙහෙත් කිසිවක්වත් නොදි තිබු බවද ඔප්පු වු බැවින්,අධික ශබ්දයක් ඇති තුවක්කු වෙඩි පහරවල් වලට එක් අයෙකුවත් නින්දෙන් අවදි නොවුයේ ඇයිදැයි අදටත් අභිරහසකි.

අවදි වුයේ නම් බේරිමට පොරබදන නිසා,එසේ පොරබදා නොමැති බවට කිසිදු සාක්කියක් නොමැති නිසා ඔවුන් පොර බැද නොමැති බව පැහැදිලි විය.තවද අවට කිසිදු නිවසකට වෙඩි පහරවල් වල ශබ්දය ඇස් නැත.ඔවුන් පවසා ඇත්තේ ඔවුන්ට ඇසුණේ නිවසේ සුනඛ්යා බුරන ශබ්දය පමණක් බවය.

ඝාතන සිදුවි මාස 13කට පසු මේ නිවස Lutz පවුල විසින් මිලට ගන්නා ලදි.සිදුවු ඝාතන නිසා නිවස ඉතා අඩු මිලට ලබාගනීමට ඔවුන්ට හැකිවිය.ඔවුන් නිවසේ වාසය කරන කාලයේ තවත් බොහෝ අත්දකීම් වලට ඔවුන් මුහුණ දී ඇත.Lutz පවසා ඇත්තේ සෑම දිනකම පාන්දර 3.15ට අනිවාරයෙන් ඔහුව පිබිදෙන බවය.

තවද පවුලේ අනෙක් අයද පවසා ඇත්තේ නිවසේ වෙනස් වු ගන්ධයෙන් විටින් විට ඔවුන්ට දනෙන බවය.තවද නිවසේ සමහරක් ස්ථාන වල අභිරහස් ලෙස සිසිලසක් ඇති බවත් ඔවුන් පවසා ඇත.

භුතයන් පිළිබද පරීක්ෂණ කරන ලද සත්‍ය ප්‍රසිද්ධ යුවළක් වන Ed සහ Lorraine Warren(Conjuring චිත්‍රපට පාදකව ඇත්තේ මොවුන් දෙදෙනාගේ සත්‍ය කතා වලිනි ) ඇමිටිවිලා නිවස පරික්ෂා කරන අතරතුර ලබාගත් ඡායාරූපයක හදුනා නොගත් දරුවෙකුගේ මුහුණක් වැනි යමක් තිබේ.

අද මේ වනවිටත් ඇමිටිවිල් අත්භූත නිවස ඇමරිකාවේ ඇත.2017 වසරේදි නිර්ණාමික ගැනුම්කරුවෙකු විසින් ඇමරිකානු ඩොලර් 605 000කට නිවස මිලට ගෙන ඇත.සමුල ඝාතන වලින් පසුව මේ නිවස තුල පවුල් 4ක් වාසය කර ඇත.

Image result for amityville house today

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here