Home Local කොකේන් සමඟ මාතරදී අත්අඩංගුවට පත් නිළිය ඇතුළු පිරිස රිමාන්ඩ්

කොකේන් සමඟ මාතරදී අත්අඩංගුවට පත් නිළිය ඇතුළු පිරිස රිමාන්ඩ්

706
0

කොකේන් හා තවත් මත්ද්‍රව්‍ය සමග මාතර පොල්හේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පිරිමි පුද්ගලයින් 14දෙනා හා කාන්තාවන් තිදෙනා ලබන 08 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අද (04) මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විනිසුරු විසින් මොවුන් පිරිස මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි නියෝග කර ඇත්තේ.

මොවුන් පොල්හේන ප්‍රදේශයේ පිහිටි හෝටලයක නවාතැන්ගෙන සිට ඇති අතර, මාතර කොට්ඨාස දුෂණ මර්ධන ඒකකය ලද තොරතුරකට අනුව ඊයේ (03) දහවල් 12ට පමණ මෙම වැටලීම සිදුකර තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙම කාන්තාවන් සහ පිරිමි පුද්ගලයින් විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

අත්අඩංගුවට පත් මෙම සෑම සැකකරුවෙකු සන්තකයේම තිබී තහනම් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 20කට අධික ප්‍රමාණයක් පොලීසිය භාරයට ගෙන තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ පිරිස අතර ජනප්‍රිය නිළියක් ද සිටින බවයි පොලීසිය සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here