Home Local ලීසිං ගෙවා ගන්න බැරිව වළ දැමූ ලොරිය පොලීසියෙන් ගොඩගනියි

ලීසිං ගෙවා ගන්න බැරිව වළ දැමූ ලොරිය පොලීසියෙන් ගොඩගනියි

346
0

දංකොටුව පොලිස් වසමට අයත් දික්වෙල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු තමන්ට අයත් ලොරියක් ඔහුට අයත් ඉඩමක වළදමා ඇති බවට පසුගිය දිනක දංකොටුව පොලිස් බුද්ධි අංශයට ලැබුණු පැමිණිල්ලක් මත දංකොටුව පොලිසිය විසින් අදාළ ස්ථානයට ගොස් වළදමා තිබූ එම ලොරිය ගොඩගෙන තිබෙනවා.

ලොරිය වළ දමා තිබූ අයගෙන් පොලිසිය ප‍්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ තමන් කුලියාපිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවකු සමග වාහන හුවමාරුවක් කරගත් බවත් තමන් සතු මෝටර්රථය ඔහුට දී ඔහු සතුව තිබූ ලොරිය හුවමාරු කර ගත්ත ද එයට ලීසිං වාරික 10ක හිඟයක් තිබූ හෙයින් රථය ආරක්ෂා කරගැනීම සඳහා මෙසේ වළ දැමූ බවයි.

අදාළ පුද්ගලයා ලොරිය වළ දැමීමට පෙර ලොරියේ ගියර් පෙට්ටිය හා එන්ජිම ගලවා ඉවත් කර තිබෙනවා.

අනතුරුව බැකෝ යන්ත‍්‍රයක් ගෙන්වා රාත‍්‍රි කාලයේදීම විශාල වළක් හාරා වාහනය වළට බස්සා එය මතින් ලෑලි හා ඉටිකොල දමා පස් වලින් වසා දමා තිබූ බව දංකොටුව පොලිසිය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here