අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් තරුණයන් දෙදෙනෙක් ඊයේ (03) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව මස්කෙලිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ටිරොන් රත්නායක පවසනවා.
මෙම සැකකරුවන් දෙදෙනා අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත සැකකාර තරුණයන් දෙදෙනා මස්කෙලිය නගරයේදි සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
සැකකරුවන් දෙදෙනා සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්රුම් 145ක් තිබු බවත්, එම සැකකරුවන් වයස අවුරු 25ත් 30ත් අතර වයස් කාණ්ඩවල පසුවන මස්කෙලිය ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි මස්කෙලිය පොලිසිය කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.
රංජිත් රාජපක්ෂ