වැලිගම, පොල්වත්ත ගනේමුල්ල පෙදෙසෙහි ඉදිකිරිමට යෝජිත වැඩබිමක වලක තිබි පුද්ගලයන් දෙදෙනකුගෙ මළ සිරුර 02ක් සොයාගෙන තිබෙනවා.
එම පුද්ගලයන් 24 හා 32 යන වයස්හි පසුවන අය අතර වැලිගම, දෙණිපිටිය පේරගස්වත්ත පෙදෙසෙහි පදිංචි බවයි වාර්තා වන්නේ.
එක් අයකු වැඩ බිමෙහි හිමිකරුගෙ සහෝදරයා වන අතර අනෙක් පුද්ගලයා සේවයකයකු බවත් සඳහන්.
මෙම මරණයන්ට හේතු සොයා පොලිසීය පරික්ෂණ සිදුකරනු ලබනවා.


තරංග ගුණරත්න